කොළඹ ආදුරුප්පු වීදිය පොලිස් ස්ථානයට අවශ්‍ය සැකකරුවකු හඳුනා ගැනීම සඳහා ආදුරුප්පු වීදිය පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි.
පසුගිය 10 වනදා කාන්තාවකට පෙට්‍රල් දමා ගිනි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මෙලෙස මහජන සහාය පතයි.
අදාළ සැකකරු මොහොමඩ් නිජාම් මොහොමඩි සෆ්නීස් නම් අංක 93/13, ආදුරුප්පු වීදිය, කොළඹ 13 යන ලිපිනයේ පදිංචිකරුවෙකි.
සැකකරු සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් පහත සඳහන් දුරකථන අංකවලට විස්තර ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
0717 478 912
0718 594 423
0112 323 356