Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ්

    August 22, 2025

    කටුනායක කාගෝවලට විශේෂ ආරක්ෂාවක්

    August 22, 2025

    තරාතිරම වැදගත් නෑ…නීතිය ඉදිරියේ කවුරුත් පොදුයි -මහජන ආරක්ෂක අමාත්‍ය

    August 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»අදත් පිරිසක් වර්ජනයක
    Hot News

    අදත් පිරිසක් වර්ජනයක

    By LFNJanuary 10, 2024Updated:January 10, 2024No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෛද්‍යවරුන් සඳහා වන ‘ප්‍රවාහන සහ නිර්බාධක දීමනාව’ හෙවත් ඩැට් දීමනාව රුපියල් 35,000කින් ඉහළ නැංවීමට රජය ඊයේ ගත් තීරණයට විරෝධය පළ කරමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් ඊයේ (09) රජයේ රෝහල්වල සංකේත වැඩවර්ජනයක් දියත් කළේය.

    මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්විය.

    ඒ අතර මෙම වර්ජනයට සහාය පළ කරමින් අද (10) දින පැය 48ක වර්ජනයක් සිදුකරන බව තවත් සෞඛ්‍ය වෘත්තිය සමිති ගණනාවක් ඊ පස්වරුවේ නිවේදනය කර තිබුණි.

    රජය මෙතෙක් කල් වෛද්‍යවරුන් සඳහා මාසිකව ගෙවනු ලැබූ ‘ප්‍රවාහන සහ නිර්බාධක දීමනාව’ හෙවත් DAT දීමනාව රුපියල් 35,000කි. එය රුපියල් 70,000 දක්වා වැඩිකිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පළ කෙරුණි.

    කෙසේ වෙතත් එම දීමනාව තමන්ට ලබානොදීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය ඊයේ උදෑසන 8 සිට රජයේ රෝහල්වල සංකේත වැඩවර්ජනයක් දියත් කර තිබුණි.

    නමුත් ළමා රෝහලේ , පිළිකා රෝහලේ , මාතෘ රෝහල්වල, වකුගඩු රෝහල්වල, මධ්‍යම ලේ බැංකුවේ සහ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මෙම වර්ජනය ක්‍රියාත්මක නොවීය.

    ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, විද්‍යුත් නිකර්පණ රේඛන ශිල්පී සංගමය, ශ්‍රී ලංකා අක්ෂි තාක්ෂණවේදීන්ගේ සංගමය, සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය, ඛන්තු රේඛන ශිල්පී සංගමය, පාසල් දන්ත චිකිත්සක සංගමය, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී සංගමය සහ ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමය එලෙස වර්ජනයට එක්වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ්

    August 22, 2025

    රනිල් අත්අඩංගුවට ගනියි

    August 22, 2025

    සූරියවැවදී STF සමග වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් මරුට

    August 22, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,345 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,275 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ්

    August 22, 20250121 Views

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර…

    කටුනායක කාගෝවලට විශේෂ ආරක්ෂාවක්

    August 22, 2025

    තරාතිරම වැදගත් නෑ…නීතිය ඉදිරියේ කවුරුත් පොදුයි -මහජන ආරක්ෂක අමාත්‍ය

    August 22, 2025

    රනිල් අත්අඩංගුවට ගනියි

    August 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.