වෛද්‍ය නිලධාරීන් සඳහා ලබාදුන් රුපියල් 35,000ක දීමනාව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ට ලබා නොදීමට එරෙහිව සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
ඊයේ (08) රැස්වූ අමාත්‍ය මණ්ඩලය වෛද්‍ය නිලධාරීන් සඳහා රුපියල් 35,000ක දීමනාවක් ලබා දීමට එකඟ වුවද සියලු සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට සාධාරණ ලෙස එය ඉටු නොකිරීම සම්බන්ධයෙන් කනගාටු වන බව ඔහු ප්‍රකාශ කළේය.
ඒ අනූව, සෞඛ්‍ය වෘත්තීයවේදීන් සඳහා ආර්ථික යුක්තිය ඉටුකිරීමේදී පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් සම්පූර්ණයෙන්ම නොසලකා හැරීමට එරෙහිව අද උදෑසන 8 සිට සංකේත වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
මේ පිළිබඳව නිසි අවධානය යොමු කරමින් සාධාරණය ඉටු කිරීමට කඩනමින් කටයුතු නොකරන්නේ නම් සමස්ථ සෞඛ්‍ය වෘත්තීයවේදීන් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඒකාබද්ධ කර ගනිමින් අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සිදුවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.