නීතිවිරෝධී ලෙස මැණික් ගල් තොගයක් රැගෙන රටින් පිටවීමට උත්සාහ කළ චීන ජාතික යුවළක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති යුවළ සතුව තිබී මැණික් ගල් 175 සොයාගෙන ඇත.
එම මැණික් ගල් තොගයේ වටිනාකම රුපියල් මිලියන 50කට ආසන්න බව පොලීසිය පවසයි.
එම මැණික් ගල් සහ අත්අඩංගුවට ගත් චීන ජාතික යුවළ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා රේගුව වෙත භාරදීමට නියමිතය.