Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»එළවළු සහ මත්ස්‍ය මිල ගණන් ඉහළ අගයක
    Featured

    එළවළු සහ මත්ස්‍ය මිල ගණන් ඉහළ අගයක

    By LFNJanuary 5, 2024No Comments2 Mins Read142 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නත්තල සහ අලුත් අවුරුදු සමයේ ඉහළ ගිය එළවළු සහ මත්ස්‍ය මිල ගණන් තවදුරටත් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

    වෙළ‍ෙඳුන් පවසන්නේ, කැරට් කිලෝවක් රුපියල් දහසක් පමණ වන අතර, අමු මිරිස් සහ ඉඟුරු කිලෝව රුපියල් දෙදහසේ සීමාවට ළං ව ඇති බවයි.

    එමෙන්ම මාළු වෙළෙපොළේ තොග මිල ගණන් ද පාරිභෝගිකයාට දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇත.

    පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු තොග මිල ද අද (04) උදෑසන ඉහළ මට්ටමක පැවති බව වාර්තා වේ.

    ඒ අනුව මිල දැක්වුණේ කැරට් කිලෝවක් රුපියල් 750ක්, බෝංචි රුපියල් 500ක්, ලීක්ස් රුපියල් 250ක්, මාලුමිරිස් රුපියල් 700ක් සහ ගෝවා රුපියල් 450ක් ලෙසයි.

    නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කැරට්, මාළුමිරිස්, වම්බටු, බෝංචි, තක්කාලි, අමුමිරිස් ආදී එළවළු කිලෝග්‍රෑමයක් රුපියල් 900 ඉක්මවා අද අලෙවි වී ඇත.

    එලෙස විශාල මිලකට අලෙවි වූ එළවළුවල මිල ගණන් ඇතැම් වෙළෙඳුන් අද ප්‍රදර්ශනය කර තිබුණේ ද නැති බව සඳහන් වේ.

    නුගේගොඩ සතිපොළේ මාළුමිරිස් කිලොවක් රුපියල් 1,000කටත් අමුමිරිස් කිලෝවක් රුපියල් 1,600කටත් කැරට්, බෝංචි සහ තක්කාලි රුපියල් 800කටත් අලෙවි වූ බව වාර්තා වේ.

    මේ අතර, කොළඹට එළවළු රැගෙන එන දඹුල්ල, තඹුත්තේගම හා කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානවල ද එළවළු මිල පැවතියේ ඉතා ඉහළ අගයක බව සඳහන්ය.

    ඊට හේතුව, වර්ෂාව නිසා අස්වනු විනාශ වීම බව ගොවීහු පවසති.

    නමුත්, ගොවීන් පැවසුවේ, තමන් අඩුමිලට එළවළු රැගෙන ආව ද ආර්ථික මධ්‍යස්ථානවල දී නිසි මිලක් නොලැබෙන බවයි.

    මේ අතර, සුපිරි වෙළෙඳසල්වල ද අද එළවළු ඉහළ මිලක පැවති බව වාර්තා වේ.

    කැරට් කිලෝවක් රුපියල් 1,000ක්, ඉඟුරු රුපියල් 1,900ක්, අමුමිරිස් රුපියල් 1,800ක්, මාළුමිරිස් රුපියල් 900ක්, තක්කාලි රුපියල් 900ක්, වම්බටු රුපියල් 800ක්, ලීක්ස් රුපියල් 560ක් ලෙස සටහන් වී ඇත.

    කෙසේ වෙතත් ගොවීන් පවසන්නේ, වෙළෙඳපොළේ එළවළු මිල ඉහළ යාමේ වාසිය තමන්ට නොලැබෙන බවයි.

    එළවළු මිල පමණක් නොව මාළු මිල ගණන් ද ඉහළ ගොස් තිබෙන බව වෙළෙඳපොළෙන් වාර්තා වේ.

    පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ අද මත්ස්‍ය මිල දැක්වුණේ, කෙලවල්ලා කිලෝග්‍රෑමයක් රුපියල් 2,000ක්, බලයා රුපියල් 1,000ක්, තෝරා රුපියල් 1,800ක් සහ පරව් කිලෝවක් රුපියල් 1,500ක් සහ ලින්නා රුපියල් 800ක් ලෙසයි.

    එමෙන්ම බේරුවල වරායේ ද මත්ස්‍ය මිල ඉහළ අගයක පැවති බව සඳහන්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.