Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රටම බියකළ වසංගතය
    Featured

    රටම බියකළ වසංගතය

    By LFNJanuary 4, 2024No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනම ආවරණය වන පරිදි ලබන 07 වනදා සිට විශේෂ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

    පවතින ඩෙංගු අවදානම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.

    ඒ පිළිබඳ මුලික සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාතංශයේ දී පවත්වා ඇති අතර ඊට පොලිස් හා ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, ඩෙංගු මර්දන ඒකකයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    එහිදී අද (04) සිට දිස්ත්‍රික් මට්ටමෙන් ඩෙංගු මදුරු මර්දන කමිටු ස්ථාපිත කිරීමට සහ ලබන 07 වනදා සිට දිවයිනේ සියලු සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල කේන්ද්‍ර කරගනිමින් ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තීරණය වී ඇති බව සඳහන් ය.

    මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සදහා අද කැඳවා තිබු මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වු ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ 2023 වසර තුළ ඩෙංගු රෝගීන් 88,398ක් සහ මරණ 58ක් වාර්තා වී ඇති බවයි.

    සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 71ක් අධි අවදානම් කලාප ලෙස හදුනාගෙන ඇති බව ඔහු පැවසීය.

    වාර්තාවන ඩෙංගු රෝගීන්ට වඩා විශාල පිරිසක් සමාජයේ සිටිය හැකි බවද ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202603 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.