Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගුරුවරියගේ ඝාතනය ගැන තවත් තොරතුරු
    Featured

    ගුරුවරියගේ ඝාතනය ගැන තවත් තොරතුරු

    By LFNJanuary 4, 2024No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ 07 කුරුඳුවත්තේ නිවසක මියගොස් සිටියදී හමුවූ පියානෝ ගුරුවරියගේ මරණය ඝාතනයක් බව හෙළිවී තිබේ.

    ඒ, සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු 52 හැවිරිදි අවිවාහකයෙක් වන අතර ඔහු අවස්ථා කිහිපයකදීම ගුරුවරියගේ නිවසේ කුලී වැඩ සඳහා පැමිණි අයෙකි.

    විමර්ශනයේදී හෙළිවී ඇත්තේ සැකකරු විසින් ගුරුවරියව දූෂණය කර ඇති බවය.

    කොළඹ 07 කුරුඳුවත්ත, විජේරාම මාවතේ දෙමහල් නිවසක විසූ 75 හැවිරිදි මිත්‍රානි ස්මිත් ප්‍රනාන්දු නමැති පියානෝ වාදන ගුරුවරියක් සැකකටයුතු ලෙස මියගොස් ඇතැයි කුරුඳුවත්ත පොලීසියට පසුගිය දෙසැම්බර් 15 වැනිදා වාර්තා වී තිබුණි.

    සිද්ධියේ විමර්ශන ආරම්භ කෙරුණේ කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසිනි.

    නිවස පිහිටි ස්ථානයේ තිබූ CCTV කැමරා කිහිපයක දර්ශන පරීක්ෂා කළ විමර්ශකයන් දැක තිබුණේ මරණය සිදුවූ දින උදෑසන 8.20ට පමණ එම ගුරුවරියගේ නිවසට කිසියම් පුද්ගලයෙකු පැමිණෙන ආකාරයයි.

    ඔහු එදින උදෑසන 10.31ට යළි නිවසෙන් පිටතට පැමිණෙන ආකාරයත් එහිදී සුදු පැහැති ජීප් රථයක් එම නිවසට පැමිණීමත් සමග සැකකරු දිවයන අයුරුත් CCTV දර්ශනවල සටහන්වී තිබුණි.

    මුඛ ආවරණ නොමැතිව නිවසට පැමිණි සැකකරු නිවසෙන් පිටතට යන්නේ මුඛ ආවරණද පැළඳ දැඩි කලබලයකිනි.

    ඒ අනුව සැකකරු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක වූ අතර දෙමටගොඩ සියපත් සෙවණ නිවාස සංකීර්ණයේ සිටියදී සැකකරු ඊයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

    කුලී වැඩ කරන්නෙක් වූ ඔහු අවස්ථා කිහිපයකදීම මෙම ගුරුවරියගේ නිවසට පැමිණ ඇති බවත් ඇය මියගිය දිනයේත් මොහු කුලී වැඩ සඳහා එහි පැමිණ තිබූ බවත් හෙළිවී ඇත.

    වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු සිදුවීම පාපොච්චාරණය කළ බව විමර්ශකයන් පවසයි.

    වත්තේ වැඩ කරමින් සිටි ඔහුට තේ බීම සඳහා නිවස තුළට පැමිණෙන ලෙස ගුරුවරිය කතාකොට තිබුණි.

    ඇය පිළිබඳ ආශාවකින් සිට ඇති සැකකරු නිවසේ පිටත වනා තිබූ රෙද්දක් ගෙන ගුරුවරියගේ හිස වසා වැළඳගෙන ඇත්තේ ඇය දූෂණය කිරීමේ අරමුණිනි.

    ගුරුවරිය කෑගසන්නට පටන්ගැනීමත් සමග සැකකරු අසල තිබූ පොලිෂ් යන්ත්‍රයක වයරයකින් ගෙල තද කරමින් ඇය දූෂණය කර ඇති බව විමර්ශකයන් පවසයි.

    කාන්තාව මියගිය පසු නිවසෙන් පැනයන සැකකරු යළිත් එදිනම පස්වරු 3.20 ට පමණ එම නිවසට පැමිණ තිබුණි.

    නිවසේ ගෑස් සිලින්ඩර් 2 ක්, ලැප්ටොප් යන්ත්‍රයක්, ජංගම දුරකථනයක් සොරාගෙන ත්‍රීරෝද රථයක පටවා රැගෙන ගිය ඔහු ඒවා අලෙවි කර ඇති බව හෙළිවී ඇත.

    සැකකරු සුබ්‍රමනියම් සෙල්වකුමාර් නම් 52 හැවිරිදි අවිවාහක අයෙකි.

    කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් කුමාර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202603 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.