Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජීවිත බිලිදෙන දේශනවලට සවන්දුන් පිරිසක් සොයාගනී
    Featured

    ජීවිත බිලිදෙන දේශනවලට සවන්දුන් පිරිසක් සොයාගනී

    By LFNJanuary 4, 2024No Comments3 Mins Read154 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මිථ්‍යාදෘෂ්ඨික අදහස් සමාජගත කර, දිවි නසාගැනීම ප්‍රවර්ධනය කරන විකෘති මානසිකත්වයක් ඇති කණ්ඩායමක් පිළිබඳ ආන්දෝලනාත්මක පුවතක් වාර්තා වී තිබේ.

    ඒ පසුගියදා මාලබේදී සයනයිඩ් හා සමාන විෂ කුඩක් ආහාරයට ගෙන දිවි නසාගත් පවුලේ අවසන් කටයුතුවලට සහභාගී වූ තරුණයකු හා තරුණියක්ද එලෙසම දිවි නසාගෙන ඇතැයි වාර්තාවීමත් සමගය.

    මින් පෙර දිවි නසාගත් එම පවුලේ ගෘහමූලිකයා වන – බුදු දහම විකෘතිකර දේශන සිදුකළ බව කියන පුද්ගලයාගේ දේශනා සඳහා ද ඔවුන් සහභාගී වී ඇති බව පොලීසිය පවසයි.

    රුවන් ප්‍රසන්න ගුණරත්න නම් 47 හැවිරිදි පුද්ගලයකු බුදු දහම විකෘති කරමින් ස්ථාන රැසකදී දේශනා පවත්වා තිබුණි.

    එම දේශනවලදී ඔහු පවසා තිබුණේ සියදිවි නසාගැනීමෙන් මීළඟ ආත්මයට කඩිනමින් යා හැකි බවය.

    අදාළ පුද්ගලයා රසායනාගාරයක සේවය කර ඇති අතර ඔහු ඉන් ඉවත්වී පසුව විවිධ ප්‍රදේශවල දේශනා සිදුකර තිබේ.

    එවන් පසුබිමක අදාළ දේශකයා පසුගිය 28 වනදා හෝමාගම පිහිටි කුලී නිවසකදී සයනයිඩ් හා සමාන කුඩක් ආහාරයට ගනිමින් දිවි නසාගෙන තිබුණි.

    ඔහුගේ අවසන් කටයුතු සිදුකළ දින එනම් පසුගිය දෙසැම්බර් 30 වනදා ඔහුගේ බිරිඳ අදාළ වර්ගයේම විෂ කුඩක් සිය දරු තිදෙනාද සමඟ පානය කර දිවි නසාගෙන තිබූ බව පොලීසිය සඳහන් කරයි.

    ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ මාලබේ පොලීසිය එම අවසන් කටයුතු සඳහා සහභාගී වූ අම්බලන්ගොඩ පදිංචි ප්‍රීති කුමාර නම් 34 හැවිරිදි පුද්ගලයෙකුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණි.

    එහිදී ඔහු පොලීසියට පවසා තිබුණේ, මියගිය කාන්තාවගේ සැමියාගේ දේශනා සඳහා තමන්ද මීට වසර 4කට පමණ පෙර සහභාගී වූ බැවින් අවමගුල් උත්සවය සඳහා පැමිණි බවය.

    ඔහු එම දේශනවලදී සියදිවි නසාගැනීම ප්‍රවර්ධනය කරමින් කතා පැවැත්වූ බවත් එම පුද්ගලයා පොලිස් නිලධාරීන් හමුවේ පවසා තිබේ.

    නිවන් මග යෑම සඳහා අදාළ පුද්ගලයා සියදිවි නසාගත්තේ යැයි ඔහු පවසා ඇති බව වාර්තා වෙයි.

    එවන් පසුබිමක පොලීසිය හමුවේ ප්‍රකාශයක් ලබාදුන් 34 හැවිරිදි ප්‍රීති කුමාර නම් පුද්ගලයා මහරගම ලැගුම්හලකදී මියගොස් සිටියදී පොලීසිය අද සොයා ගත්තේය.

    පොලිසිය පැවසුවේ, ඔහු ඊයේ දහවල් එකයි තිහට පමණ විෂ කුඩක් ආහාරයට ගෙන සියදිවි නසාගෙන ඇතැයි සැක කරන බවය.

    අදාළ පුද්ගලයා සියදිවි නසා ගැනීමට පාවිච්චි කරන ලද බවට සැක කෙරෙන විෂ කුඩෙහි ඉතිරි කොටසද කාමරයේ මේසය මත තිබී පොලීසිය සොයාගෙන තිබුණි.

    ඔහු බුදු දහම විකෘති කර දේශනා කළ රුවන් ප්‍රසන්න ගුණරත්න නම් 47 හැවිරිදි පුද්ගලයාගේ සමීපතමයෙක් බවද පොලීසිය ප්‍රකාශ කරයි.

    මේ අතර සියදිවි නසාගත් අදාළ පුද්ගලයා සමග මාලබේ ප්‍රදේශයේදී සියදිවි නසාගත් එකම පවුලේ මව ඇතුළු දරු තිදෙනාගේ අවමගුලට සහභාගී වූ තවත් 21 හැවිරිදි තරුණියක් ද සියදිවි නසාගෙන තිබුණි.

    ඒ යක්කල රාෆල්වත්ත ප්‍රදේශයේ සිය නිවස තුළදීය.

    අදාළ තරුණිය රුහුණු විශ්වවිද්‍යාලයට පිවිසීම සඳහා භෞතික විද්‍යා අංශයෙන් සුදුසුකම් ලබා තැනැත්තියකි.

    එම තරුණියද බුදු දහම විකෘති කර දේශනා කළ රුවන් ප්‍රසන්න ගුණරත්න නම් පුද්ගලයාගේ දේශනා සඳහා සහභාගී වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

    අදාළ සියදිවි නසාගැනීම් සඳහා භාවිත කළ සයනයිඩ් හා සමාන වීෂ කුඩු වර්ගය එකම වර්ගයේ එකක්ද යන්න පිළිබඳව සොයාබැලීම සඳහා වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

    මේ අතර අදාළ පුද්ගලයාගේ දේශනා සඳහා සහභාගී වූ පිරිසක් අද පස්වරුවේ මාලබේ පොලීසිය වෙත කැඳවා තිබුණි.

    එමෙන්ම ඔහුගේ දේශනා සඳහා සහභාගීවූවන්ට සයනයිඩ් වැනි විෂ කුඩක් ලබාදී තිබෙනවාද යන්න පිළිබඳව ද පොලීසිය විමර්ශන සිදුකරයි.

    ඔහු රසායනාගාරය තුළ සේවය කරන සමයේ සයනයිඩ් නිෂ්පාදනය කර ඇතැයි සැක කරන බව පොලීසිය පැවසීය.

    අදාළ පුද්ගලයාගේ අනුගාමිකයන් පිළිබඳව ද පොලීසිය සොයාබලමින් විමර්ශන සිදුකරයි.

    බුදු දහම විකෘති කරමින් සිදු කරන මෙවන් නොමග යැවීම්වලට නොරැවටී සිටීම මෙන්ම එම හානිකර මතවාද ප්‍රතික්ෂේප කිරීමත් බුද්ධිමත් ජනතාවගේ වගකීමකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.