Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නවකවධය සම්බන්ධයෙන් UGCයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

    July 9, 2025

    ටෙක්සාස් ගංවතුරෙන් පුද්ගලයින් 161දෙනෙකු අතුරුදන්

    July 9, 2025

    කරදියාන කසළ අංගනයේ ගින්නක්

    July 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ තද වැසි
    Featured

    ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ තද වැසි

    By LFNJanuary 2, 2024No Comments2 Mins Read27 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් මඩකලපුව, අම්පාර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය කිහිපය තුළ තවදුරටත් වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    නැගෙනහිර, ඌව, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මාතලේ, පොළොන්නරුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

    උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 02න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    මේ අතර දැදුරු ඔය, රාජාංගනය, කලාඔය, ලුණුගම්වෙහෙර, වෙහෙරගල, ඇතුළු ජලාශවල මේ වන විට වාන්දොරටු විවෘත කර ඇති බැවින් පහළ ප්‍රදේශවල ජනතාව අවදානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    එම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශවල ජල මට්ටම සියයට 92ක් පමණ දක්වා වර්ධනය වී තිබේ.

    මේ අතර අධික වර්ෂාව හේතුවෙන් මඩකලපුව දුම්රිය ස්ථානය ඊයේ රාත්‍රී ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

    කෙසේවුව ද ඉන් දුම්රිය ගමනාගමනයට බාධාවක් සිදු නොවූ බව “අද දෙරණ” වාර්තාකරු සඳහන් කළේය.

    මේ අතර කන්තලේ වැවේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් වැවට කිලෝමීටරයක් පමණ පහළ ඇති කන්තලේ අග්බෝපුර මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු ජල පහරට හසුව ගසාගෙන ගොස් තිබේ.

    කෙසේවුවද වාන් දොරටු වසා දමා එම පිරිස බේරාගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

    මේ අතර ලොග්ගල්ල ඔයේ ඔරුවකින් මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු වතුරට වැටී අතුරුදන්ව තිබේ.

    අතුරුදන්ව ඇත්තේ 25 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු සෙවීම සඳහා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කරදියාන කසළ අංගනයේ ගින්නක්

    July 8, 2025

    ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම ගැන සෙවූ කමිටු වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට

    July 8, 2025

    වෛද්‍ය මහේෂි විජේරත්න තවදුරටත් රිමාන්ඩ්

    July 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,316 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20252,281 Views
    Don't Miss

    නවකවධය සම්බන්ධයෙන් UGCයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

    July 9, 202503 Views

    විශ්වවිද්‍යාලවල නවකවධය වැළැක්වීම සඳහා මේ වනවිට සකස් කර තිබෙන මාර්ගෝපදේශ මාලාව තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර…

    ටෙක්සාස් ගංවතුරෙන් පුද්ගලයින් 161දෙනෙකු අතුරුදන්

    July 9, 2025

    කරදියාන කසළ අංගනයේ ගින්නක්

    July 8, 2025

    ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම ගැන සෙවූ කමිටු වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට

    July 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.