Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ තද වැසි
    Featured

    ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ තද වැසි

    By LFNJanuary 2, 2024No Comments2 Mins Read32 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් මඩකලපුව, අම්පාර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය කිහිපය තුළ තවදුරටත් වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    නැගෙනහිර, ඌව, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මාතලේ, පොළොන්නරුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

    උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 02න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    මේ අතර දැදුරු ඔය, රාජාංගනය, කලාඔය, ලුණුගම්වෙහෙර, වෙහෙරගල, ඇතුළු ජලාශවල මේ වන විට වාන්දොරටු විවෘත කර ඇති බැවින් පහළ ප්‍රදේශවල ජනතාව අවදානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    එම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශවල ජල මට්ටම සියයට 92ක් පමණ දක්වා වර්ධනය වී තිබේ.

    මේ අතර අධික වර්ෂාව හේතුවෙන් මඩකලපුව දුම්රිය ස්ථානය ඊයේ රාත්‍රී ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

    කෙසේවුව ද ඉන් දුම්රිය ගමනාගමනයට බාධාවක් සිදු නොවූ බව “අද දෙරණ” වාර්තාකරු සඳහන් කළේය.

    මේ අතර කන්තලේ වැවේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් වැවට කිලෝමීටරයක් පමණ පහළ ඇති කන්තලේ අග්බෝපුර මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු ජල පහරට හසුව ගසාගෙන ගොස් තිබේ.

    කෙසේවුවද වාන් දොරටු වසා දමා එම පිරිස බේරාගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

    මේ අතර ලොග්ගල්ල ඔයේ ඔරුවකින් මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු වතුරට වැටී අතුරුදන්ව තිබේ.

    අතුරුදන්ව ඇත්තේ 25 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු සෙවීම සඳහා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202603 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.