ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදෙස් රැකියා සඳහා බඳවා ගැනීම සිදුකළ පුද්ගලයකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඩුබායි රාජ්‍යයේ රූපලාවණ්‍යාගාරවල පිරිසිදු කරන්නියන් වශයෙන් කාන්තාවන් බඳවාගන්නා බවට ෆේස්බුක් ඔස්සේ දැන්වීම් පළකර සැකකරු විසින් මෙම ජාවාරම සිදුකර ඇත.
ඒ අනුව උපාය දූතයෙකු මාර්ගයෙන් අදාළ ජාවාරම්කරු සමග සම්බන්ධ වී මෙම වැටලීම සිදුකර තිබුණි.
ජාවාරම්කරු විසින් කුරුණෑගල රැකියා නියෝජිත ආයතනයක් මාර්ගයෙන් එම රැකියා අවස්ථා ලබාදෙන බවට දන්වා තිබේ.