Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගම්බිම් බලායන ජනතාවට අද සිට විශේෂ ප්‍රවාහන පහසුකම්
    Featured

    ගම්බිම් බලායන ජනතාවට අද සිට විශේෂ ප්‍රවාහන පහසුකම්

    By LFNDecember 22, 2023No Comments1 Min Read179 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එළඹෙන උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ ප්‍රවාහන සේවාවන් අද (22) සිට ආරම්භ කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

    නත්තල් උත්සවය සහ පාසල් නිවාඩුවත් සමග ගම්බිම් බලා පිටවයන ජනතාව වෙනුවෙන් මෙම විශේෂ බස් හා දුම්රිය සේවාවන් අද සිට ක්‍රියාත්මක බව එම අමාත්‍යංශය පැවසීය.

    ඒ අනුව අද සිට දුරගමන් සේවා සඳහා අතිරේක බස් රථ 100ක් යෙදවීමට නියමිත බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණ හංස මහතා ප්‍රකාශ කළේය.

    එමෙන්ම උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවාව ද හෙට (23) සිට ආරම්භ කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනාගමන එන්.ජේ. ඉදිපොලගේ මහතා පැවසීය.

    මේ අතර කොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය ධාවනය අද සිට විශේෂ කාලසටහනකට අනුව සිදුකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    එම කාලසටහන අද සිට දෙසැම්බර් මස 31 වනදා දක්වා ක්‍රියාත්මක කෙරෙන බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

    මේ අතර ඊයේ (21) පස්වරුවේ කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වු යාල්දේවී සීඝ්‍රගාමී දුම්රිය මහව දුම්රිය ස්ථානයේදී පිලී පැනීමකට ලක්වු අතර මේ වනවිට එම මාර්ගය යථාතත්වයට පත්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.