Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මියන්මාරයේදී ත්‍රස්තයින්ට හසුවූ ශ්‍රී ලාංකිකයෝ
    Featured

    මියන්මාරයේදී ත්‍රස්තයින්ට හසුවූ ශ්‍රී ලාංකිකයෝ

    By LFNDecember 22, 2023No Comments2 Mins Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංචාරක වීසා මත තායිලන්තයට ගොස් එහි දේශසීමාව හරහා මියන්මාරයට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයින් 25කට වැඩි පිරිසක් එරට ත්‍රස්තවාදී සංවිධානයක් විසින් සිය ග්‍රහණයට ගෙන ඇතැයි පසුගියදා වාර්තා විය.

    ඔවුන් මේ වනවිටත් මියන්මාරයේ සයිබර් අපරාධ කලාපය වන මියාවාඩි හි ත්‍රස්ත කඳවුරක බලහත්කාරයෙන් රඳවාගෙන සයිබර් වහලුන් ලෙස සේවය ලබාගන්නා බව අනාවරණ වී තිබේ.

    එවන් පසුබිමක මේ සම්බන්ධයෙන් මෙරට රාජ්‍ය බුද්ධි ප්‍රධානියාගේ මූලිකත්වයෙන් ඊයේ විශේෂ සාකච්ඡාවක් සිදුකර තිබේ.

    ඊට මෙරට මියන්මාර තානාපති කාර්යාලයේ නියෝජිතයෙකු සහ අත්අඩංගුවේ පසුවන පුද්ගලයින් පස් දෙනෙකුගේ මව්පියන්ද එක්ව සිට ඇත.

    මෙහිදී ඥාතීන් අනාවරණ කළේ අත්අඩංගුවට පත් පිරිස මියන්මාරය වෙත ගොස් ඇත්තේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා සඳහා බවය.

    මාර්ගගත ක්‍රමවේද සහ සමාජ මාධ්‍ය ඔස්සේ ලැබුණු තොරතුරු මත හඳුනාගත් ඩුබායි හි සිටින ශ්‍රි ලාංකිකයෙකු විසින් ඔවුන් මියන්මාරයේ රැකියා සඳහා යොමුකළ බවද ඥාතීන් පවසයි.

    මේ වනවිටත් තහවුරුවී ඇත්තේ අදාළ ශ්‍රි ලාංකිකයා මියන්මාර ත්‍රස්ත සංවිධානය සමඟ සෘජුව සම්බන්ධවී මෙලෙස පුද්ගලයන් එම සංවිධානය වෙත යොමුකරන බවය.

    සිද්ධිය පිළිබඳව මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය එහි අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ මෙහෙයවීම මත විමර්ශන ආරම්භකර තිබේ.

    මේ අතර මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ලංකා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය අද වැඩබලන පොලිස්පතිවරයා වෙත පෙත්සමක් භාරදී තිබේ.

    එමෙන්ම, මගෙන් රටට සංවිධානයද ඊයේ මේ පිළිබඳ දන්වමින් ලිපියක් භාරදීම සඳහා මෙරට මියන්මාර තානාපති කාර්යාලය වෙත පැමිණියේය.

    එහිදී ලිපිය භාරගැනීමට කිසිවකුත් ඉදිරිපත් නොවීම හේතුවෙන් එය එහි ලිපි යොමුකරන පෙට්ටියකට දැමීමට ඔවුන් පියවර ගත්තේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202603 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.