Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යුක්තියට කොටුවන ලොකු ලොකු තෝරු මොරු මෙන්න
    Featured

    යුක්තියට කොටුවන ලොකු ලොකු තෝරු මොරු මෙන්න

    By LFNDecember 22, 2023No Comments2 Mins Read144 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මොරගහහේන ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කළ 24 හැවිරිදි චමෝද් ධනංජය නැමැත්තාව වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ඊයේ හෙරොයින්ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරුගේ රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී තෙමහල් නිවස සහ රුපියල් කෝටි දෙකක පමණ වටිනාකමකින් යුත් මෝටර්රථය සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය යටතේ විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

    මේ අතර වැල්ලම්පිටිය ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද වන හනීෆා ලාෆීර් නොහොත් ලාෆීර් නැමැත්තාවත් ආදුරුප්පුවීදිය ප්‍රදේශයේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 3ක්, රුපියල් ලක්ෂ 120ක් වටිනා මෝටර් රථයක් සමග සිය භාරයට ගත්බව පොලීසිය සඳහන් කළේය.

    මේ අතර දීර්ඝ කාලයක සිට අංගොඩ කැලණිමුල්ල හරක් දෙවට ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බවට ලද බුද්ධි තොරතුරකට අනුව අංගොඩ අතුරුසිංහගේ දිල්හානි නොහොත් “කුඩු ආශා “නැමැති කාන්තාවගේ නිවස ඊයේ පරීක්ෂාවට ලක් කෙරුණි.

    එහිදී කිසිදු අනන්‍යතාවයක් තහවුරු කරගත නොහැකි පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙහිදී නීත්‍යානුකූල ලියකියවිලි නොමැති ත්‍රී රෝද රථ දෙකක් සහ නිවසට යන මාර්ගයේ නවතා තිබූ බස් රථයක්ද පොලිස් භාරයට ගත් අතර එම වාහන තම මවට අයත් ඒවායැයි කුඩු ආශාගේ පුත්‍රයා පිළිගත් බව පොලීසිය සඳහන් කළේය.

    ඇයට හිමි බැංකු ගිණුම් දෙකක් පරීක්ෂා කිරීමේදී දින තුනෙන් තුනට පමණ රුපියල් ලක්ෂ දෙක බැගින් මුදල් එම ගිණුම්වල සංසරණය වී ඇතැයිද හෙළි වී තිබේ.

    මේ අතර මත්කුඩු සහ පාතාල අපරාධ මර්දනය සඳහා දියත් කළ යුක්තිය මෙහෙයුමේ මුල් දින හතර තුළ සැකකරුවන් අටදහස් පන්සියයකට අධික පිරිසක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202603 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.