Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යුක්තියට කොටුවන ලොකු ලොකු තෝරු මොරු මෙන්න
    Featured

    යුක්තියට කොටුවන ලොකු ලොකු තෝරු මොරු මෙන්න

    By LFNDecember 22, 2023No Comments2 Mins Read146 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මොරගහහේන ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කළ 24 හැවිරිදි චමෝද් ධනංජය නැමැත්තාව වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ඊයේ හෙරොයින්ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරුගේ රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී තෙමහල් නිවස සහ රුපියල් කෝටි දෙකක පමණ වටිනාකමකින් යුත් මෝටර්රථය සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය යටතේ විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

    මේ අතර වැල්ලම්පිටිය ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද වන හනීෆා ලාෆීර් නොහොත් ලාෆීර් නැමැත්තාවත් ආදුරුප්පුවීදිය ප්‍රදේශයේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 3ක්, රුපියල් ලක්ෂ 120ක් වටිනා මෝටර් රථයක් සමග සිය භාරයට ගත්බව පොලීසිය සඳහන් කළේය.

    මේ අතර දීර්ඝ කාලයක සිට අංගොඩ කැලණිමුල්ල හරක් දෙවට ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බවට ලද බුද්ධි තොරතුරකට අනුව අංගොඩ අතුරුසිංහගේ දිල්හානි නොහොත් “කුඩු ආශා “නැමැති කාන්තාවගේ නිවස ඊයේ පරීක්ෂාවට ලක් කෙරුණි.

    එහිදී කිසිදු අනන්‍යතාවයක් තහවුරු කරගත නොහැකි පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙහිදී නීත්‍යානුකූල ලියකියවිලි නොමැති ත්‍රී රෝද රථ දෙකක් සහ නිවසට යන මාර්ගයේ නවතා තිබූ බස් රථයක්ද පොලිස් භාරයට ගත් අතර එම වාහන තම මවට අයත් ඒවායැයි කුඩු ආශාගේ පුත්‍රයා පිළිගත් බව පොලීසිය සඳහන් කළේය.

    ඇයට හිමි බැංකු ගිණුම් දෙකක් පරීක්ෂා කිරීමේදී දින තුනෙන් තුනට පමණ රුපියල් ලක්ෂ දෙක බැගින් මුදල් එම ගිණුම්වල සංසරණය වී ඇතැයිද හෙළි වී තිබේ.

    මේ අතර මත්කුඩු සහ පාතාල අපරාධ මර්දනය සඳහා දියත් කළ යුක්තිය මෙහෙයුමේ මුල් දින හතර තුළ සැකකරුවන් අටදහස් පන්සියයකට අධික පිරිසක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.