Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යුක්තිය මෙහෙයුම යටතේ සැකකරුවන් 6,500කට අධික පිරිසක් අත්අඩංගුවට
    Featured

    යුක්තිය මෙහෙයුම යටතේ සැකකරුවන් 6,500කට අධික පිරිසක් අත්අඩංගුවට

    By LFNDecember 21, 2023No Comments4 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ අරමුණෙන් ආරම්භ කළ ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමේදී ගෙවුණු දින හතර තුළ මත්කුඩු සමඟ සැකකරුවන් හයදහස් පන්සියයකට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ අතර, මත් ජාවාරම්වලින් උපයා ගත් මුදල් භාවිත කර මිලට ගත් රුපියල් කෝටි එකොළහ හමාරකට අධික වටිනාකමින් යුතු දේපොළ ඊයේ සිදු කළ මෙහෙයුම්වල දී නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට පවරා ගැනිණි.

    පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ අරමුණෙන් පසුගිය ඉරිදා ආරම්භ කෙරුණු ‘යුක්තිය’ විශේෂ මෙහෙයුම සිව් වන දිනටත් ඊයේ ක්‍රියාත්මක විය.

    ආමි අසංක හෙවත් කුඩු අසංකට අයත් රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් දේපොළ තොගයක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය විසින් ඊයේ සිය භාරයට ගනු ලැබුවේ එම මෙහෙයුම් අතරතුරදීය.

    ඒ, අදාළ දේපොළ මිල දී ගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය පිළිබඳ හෙළි කිරීමට අපොහොසත් වීම හේතුවෙනි.

    පවරා ගත් දේපොළ අතර රත්‍රං පවුම් 50ක්, කහතුඩුව, මූණමලේවත්ත ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක්, පර්චස් 10 බැගින් වූ ඉඩම් දෙකක්, තෙමහල් වෙළෙඳසලක්, මෝටර් රථයක් සහ යතුරුපැදි දෙකක් ද වේ.

    අදාළ දේපොළ තොගය පවරා ගැනීමේ අවස්ථාවට බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාද එක්ව සිටියේය.

    එමෙන්ම කුඩු අසංක මේ වන විට බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින අතර, ඔහුගේ බිරිය ද ඊයේ දිනයේදී විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

    මේ අතර, නලින් චතුරංග නොහොත් ලඩියා නැමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් සුඛෝපභෝගී බස් රථ දෙකක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ඊයේ සිය භාරයට ගත්තේය.

    ලඩියාගේ සමීපතමයෙකුගේ නමින් මිල දී ගෙන තිබූ අදාළ බස් රථ දෙක සංචාරකයින් ප්‍රවාහනය සඳහා යොදාගෙන ඇති බව වාර්තා වේ.

    එම බස් රථ දෙකෙහි වටිනාම රුපියල් මිලියන 15කි.

    මේ අතර, ඩුබායිහි සැඟ ව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නැමැත්තා වෙනත් අයෙකුගේ නමින් දෙහිවල මුහුදු තීරයේ පවත්වාගෙන යන බවට සැක කෙරෙන හෝටලයක් ඊයේ පොලිසිය පරීක්ෂා කළේය.

    අදාළ හෝටලය පිළිබඳ මුදල් විශුද්ධිකරණය යටතේ විමර්ශනයක් සිදු කරන ලෙස බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා උපදෙස් ලබාදුන් අතර, එහි දී හෙළි වී ඇත්තේ මෙම හෝටලය අනවසර ඉදිකිරීමක් බවයි.

    මේ අතර, කටාර් රාජ්‍යයේ සහ මෙරට අතර ක්‍රියාත්මක මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවරමකට සම්බන්ද මහ මොළකරු වන ‘අළුබෝමුල්ලේ පිංකි’ නැමැත්තා ඇතුළු ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් සිව් දෙනෙකු අළුබෝමුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගැනිණි.

    ප්‍රධාන සැකකරු කිසිදු රැකියාවක් නොමැතිව සුඛෝපභෝගී නිවසක් සහ සුඛෝපභෝගී මෝටර් රථ රැසක් භාවිත කරමින් සුඛෝපභෝගී ජිවිතයක් ගතකරන බවත් තෙමහල් ගොඩනැගිලි ඇතුළු දේපොළ රැසක හිමිකරුවෙකු බවටත් ලද තොරතුරු මත ඔහු සම්බන්ධයෙන් විමර්ශන සිදු කර තිබේ.

    සැකකරුවන් සතු ව තිබී හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 22ක්, සුඛෝපභෝගී මෝටර් රථයක්, ත්‍රිරෝද රථ දෙකක්, යතුරුපැදියක්, ජංගම දුරකථන සහ බැංකු ගිණුම් පොලීසිය සිය භාරයට ගෙන ඇති අතර, ඔවුන්ගේ ගිණුම් පරීක්ෂා කිරීමේ දී වසරක කාලයක් තුළ රුපියල් කෝටි 15කට අධික මුදල් ගනුදෙනු කර ඇතැයිද හෙළි වූ බව පොලීසිය සඳහන් කළේය.

    එමෙන්ම මුල්ලේරියාව පොලීසිය සිදුකළ විශේෂ මෙහෙයුමකදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන පෙතියාගොඩ සංඛගේ අනියම් බිරිඳ අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 10,200ක්, ෆිල් නමැති මත්පෙති 54ක් සහ බ්ලැක් මැන්ඩි නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් සමඟ අත්අඩංගුවට ගැනිණි.

    මෑත භාගයේ සබරගමුව පළාතේ සිදු කළ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් සිදු කර තිබේ.

    ඒ අනුව හෙරොයින් ග්‍රෑම් 800කට ආසන්න ප්‍රමාණයක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 700කට ආසන්න ප්‍රමාණයක්, සුඛෝපභෝගී මෝටර් රථ 03ක් සහ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

    කුරියර් සේවාව මගින් මත්ද්‍රව්‍ය අලෙවි කරන යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තුන්වන වසරේ සිසුවෙකු නීති විරෝධී මත්පෙති 11ක් සහ මදනමෝදක ගුලි 45ක් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන තිබේ.

    මත්කුඩු වැටලීමේ මෙහෙයුමේ තවත් අදියරක් මරදාන පොලිස් බලප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් දියත් කෙරිණි

    එහි දී සැකකරුවන් 21 දෙනෙකු මත්කුඩු සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

    තඹුත්තේගම, තේකවත්ත, ඉපිල්වත්ත ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසියේ දී නිවාසවල විදුලි උපාංග, ඇඳන් යට හා උපකරණ තුළ ඉතා සූක්ෂ්ම ලෙස මත්ද්‍රව්‍ය සඟවා තිබිය දී සොයා ගැනිණි.

    ඒ අනුව සැකකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    මාලිගාවත්ත RB වත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගංජා මිශ්‍ර මාවා නිෂ්පාදනය කරන ගෘහාශ්‍රිත කම්හලක් මාලිගාවත්ත පොලීසිය විසින් ඊයේ වටලනු ලැබිණි.

    එහි දී ගංජා මිශ්‍ර මාවා කිලෝ ග්‍රෑම් 3යි ග්‍රෑම් 520ක්, ගංජා මිශ්‍ර පුවක්, විදුලි තරාදියක්, ඇතුළු උපකරණ සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ අතර, මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ පුද්ගලයන් පුනරුත්තාපනය කිරීමේ වැඩසටහන යටතේ මිරිහාන පොලිස් වසමේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිසක් පුනරුත්ථානය සඳහා යොමු කිරීම ඊයේ සිදු කෙරිණි.

    යුක්තිය මෙහෙයුම යටතේ ඊයේ දවසේ අත්අඩංගුවට ගත් 30කට ආසන්න පිරිසක් මෙලෙස පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇත.

    ගත වූ පැය 24 තුළ දී දිවයින පුරා සිදු කළ ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමේ දී සැකකරුවන් 2,296ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 109 දෙනෙකු සම්බන්ධ ව රැදවුම් නියෝග මත විමර්ශන සිදු කෙරේ.

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්ෞආංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 218 දෙනෙකු ද මෙහි දී අත්අඩංගුවට ගෙන තිබේ.

    ගෙවුණු දින හතර තුළ දී මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් ගණන හයදහස් පන්සියයකට අධික බව සඳහන්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202603 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.