Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලඩියාගේ සුඛෝපභෝගී බස් රථ දෙකක් සොයා ගැනේ
    Featured

    ලඩියාගේ සුඛෝපභෝගී බස් රථ දෙකක් සොයා ගැනේ

    By LFNDecember 21, 2023No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවට පළා ගොස් සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘දිනමුල්ල කංකානම්ගේ නලින් චතුරංග’ නොහොත් ‘ලඩියා’ නැමැත්තාට අයත් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට ආසන්න වටිනා සුඛෝභෝගී බස් රථ දෙකක් සිය භාරයට ගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

    වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ යුක්තිය මෙහෙයුමට සමගාමී ව සිදු කළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස අදාළ බස් රථ දෙකට තහනම් නියෝගය ලබා ගත් බව පොලීසිය පවසයි.

    මොහු, සමයන් නැමැති පාතාල නායකයා ඝාතනය කිරීම සඳහා කළුතර එතනමඬල ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයට ප්‍රහාර එල්ල කිරීමේ ප්‍රධාන සැකකරුවෙකි.

    ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන හෝමාගම සහ අතුරුගිරිය ප්‍රදේශයේ ඔහුගේ මිතුරන් දෙදෙනකුගේ නමින් 2019 වසරේ දී ආසන 29 බැගින් වූ මෙම බස් රථ දෙක මිල දී ගෙන විදේශිකයන් ප්‍රවාහනය කරන සංචාරක සේවා සඳහා යොදවා තිබූ බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.

    සැකකරුට අයත් තවත් සුඛෝභෝගී බස් රථයක් අතුරුගිරිය පොලීසිය මගින් භාරයට ගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන්ද විමර්ශන පවත්වන බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202603 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.