Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වනඅලියා පිලිස්සීමේ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරයට

    December 24, 2025

    කුඩු රොෂාන් අත්අඩංගුවට

    December 24, 2025

    අර්ච්චුනාට ඇප

    December 24, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලඩියාගේ සුඛෝපභෝගී බස් රථ දෙකක් සොයා ගැනේ
    Featured

    ලඩියාගේ සුඛෝපභෝගී බස් රථ දෙකක් සොයා ගැනේ

    By LFNDecember 21, 2023No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවට පළා ගොස් සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘දිනමුල්ල කංකානම්ගේ නලින් චතුරංග’ නොහොත් ‘ලඩියා’ නැමැත්තාට අයත් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට ආසන්න වටිනා සුඛෝභෝගී බස් රථ දෙකක් සිය භාරයට ගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

    වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ යුක්තිය මෙහෙයුමට සමගාමී ව සිදු කළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස අදාළ බස් රථ දෙකට තහනම් නියෝගය ලබා ගත් බව පොලීසිය පවසයි.

    මොහු, සමයන් නැමැති පාතාල නායකයා ඝාතනය කිරීම සඳහා කළුතර එතනමඬල ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයට ප්‍රහාර එල්ල කිරීමේ ප්‍රධාන සැකකරුවෙකි.

    ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන හෝමාගම සහ අතුරුගිරිය ප්‍රදේශයේ ඔහුගේ මිතුරන් දෙදෙනකුගේ නමින් 2019 වසරේ දී ආසන 29 බැගින් වූ මෙම බස් රථ දෙක මිල දී ගෙන විදේශිකයන් ප්‍රවාහනය කරන සංචාරක සේවා සඳහා යොදවා තිබූ බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.

    සැකකරුට අයත් තවත් සුඛෝභෝගී බස් රථයක් අතුරුගිරිය පොලීසිය මගින් භාරයට ගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන්ද විමර්ශන පවත්වන බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වනඅලියා පිලිස්සීමේ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරයට

    December 24, 2025

    කුඩු රොෂාන් අත්අඩංගුවට

    December 24, 2025

    අර්ච්චුනාට ඇප

    December 24, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,412 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    වනඅලියා පිලිස්සීමේ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරයට

    December 24, 20250115 Views

    සීප්පුකුලම වනඅලියා පිලිස්සීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනා අද (24) යළිත් රක්ෂිතය බන්ධනාගාරගත කර තිබේ. අදාළ…

    කුඩු රොෂාන් අත්අඩංගුවට

    December 24, 2025

    අර්ච්චුනාට ඇප

    December 24, 2025

    ගන්දරින් මුහුදු ගිය ‘දිනුක පුතා’ ළඟ රු. කෝටි 200ක මත්ද්‍රව්‍ය

    December 24, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.