Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නව විදුලි ගාස්තු සංශෝධනය අද සිට

    May 11, 2026

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 2026

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යුක්තිය මෙහෙයුමෙන් එළියට ආ අලුත්ම තොරතුරු මෙන්න
    Featured

    යුක්තිය මෙහෙයුමෙන් එළියට ආ අලුත්ම තොරතුරු මෙන්න

    By LFNDecember 20, 2023No Comments3 Mins Read143 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ අරමුණෙන් ආරම්භ කළ ”යුක්තිය” විශේෂ මෙහෙයුමේදී මාතලේ සිදුකළ වැටලීමකදී පාසැල් දරුවන් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

    එහිදී බාබුල් මාවා වැනි පාසල් ළමුන්ට අහිතකර දෑ අලෙවිකළ වෙළෙඳසැල් දෙකක් සහ නිවසක් වටලා පුද්ගලයින් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

    මේ අතර දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තුළ සිදුකළ විශේෂ මෙහෙයුමේදී සැක පිට පුද්ගලයන් 17දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ අතර අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකි පුද්ගලයන්ද වන බව පොලීසිය පවසයි.

    අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුම්වලදී හෙරොයින් ග්‍රෑම් 50ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20ක් සොයාගැනීමට පොලිසිය සමත් වූ අතර සැකකරුවන් 20දෙනෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

    කුරුණෑගල නගරය ආසන්නයේ පිහිටි ගල්වල සහ එළුගල ප්‍රදේශවල නිවාස අද හදිසි පරීක්ෂාවට ලක් කෙරුණි.

    එහිදී නිවසක් අසල වවා තිබූ ගංජා පැළයක් සොයා ගැනුණු අතර තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට පත්වුණි.

    වත්තල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍ර‍ව්‍ය ග්‍රෑම් 40ක් සන්තකයේ තබාගෙන සොරකම් කරන ලද යතුරු පැදියක් මගින් ප්‍ර‍වාහනය කරමින් සිටි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු සංවිධානාත්මක අපරාධ පාතාල ක්‍රියාකාරකම් සහ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙසෙල්වත්තේ දිනුක නැමැත්තාගේ සමීපතමයකු බවට අනාවරණ වී ඇත.

    ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද මුදල්, විද්‍යුත් තරාදියක් හා ජංගම දුරකථනයක්ද වැඩිදුර විමර්ශන සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

    මේ අතර ගල්කිස්ස ගොවිපළ වත්ත ප්‍රදේශයේ අද සිදු කළ හදිසි වැටලීමකදී ටී 56 උණ්ඩ භාවිත කළ හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයා ගැනීමට හැකිවී තිබේ.

    ඒ සඳහා යොදන උණ්ඩ 06 ක් සමග 52 හැවිරිදි සැකකරුවෙක්ද ගල්කිස්ස පොලිසිය අත්අඩංගුවට ගනු ලැබීය.

    සැකකරු පොලිසියට අනාවරණ කර ඇත්තේ පෞද්ගලික කාරණාවක් මත සිය බෑනා ඝාතනය කිරීමේ අරමුණෙන් ගිනි අවිය සන්තකයේ තබාගෙන සිටි බවය.

    මේ අතර මුහුද ආශ්‍රිතව සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීමේ අරමුණෙන් බේරුවල ධීවර වරාය හා ඒ අවට නිවාස අද අලුයම් කාලයේදී පරීක්ෂා කරනු ලැබීය.

    එම මෙහෙයුමට පොලිසිය සහ විශේෂ කාර්ය බළකා නිලධාරීන් දෙසීයක පමණ පිරිසක් එක්ව සිටියේය.

    අප වාර්තාකරු පැවසුවේ, මෙහිදී බේරුවල ධීවර යාත්‍රා සුවිශේෂී පරීක්ෂාවට ලක්කෙරුණු බවය.

    ගතවූ පැය 24 තුළදි දිවයින පුරා සිදුකළ ”යුක්තිය” විශේෂ මෙහෙයුමේදි සැකකරුවන් 2,166 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 66 ක් සම්බන්ධව රැඳවුම් නියෝග මත විමර්ශන සිදුකරයි.

    එමෙන්ම සැකකරුවන් 14 දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර, පුනරුත්ථාපනය සදහා පුද්ගලයන් 226 දෙනෙකු යොමු කර තිබේ.

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 169 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන තිබුණි.

    එමෙන්ම ගතවූ පැය 24 තුළ හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 370ක්, අයිස් ග්‍රෑම් 556ක්, ගංජා කිලෝ 7යි ග්‍රෑම් 800ක්, මාවා කිලෝ 3යි ග්‍රෑම් 500ක් සහ මත්පෙති 1075ක්ද පොලිස් භාරයට ගෙන ඇත.

    මේ අතර මත්ද්‍රව්‍ය අලෙවිය සහ සංවිධානාත්මක අපරාධ තුළින් උපයාගත් මුදල්වලින් මිලදී ගත් රථ වාහන රැසක්ද මේ වනවිට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

    එම වාහනවල සමස්ත වටිනාකම රුපියල් ලක්ෂ 670කට අධිකය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නව විදුලි ගාස්තු සංශෝධනය අද සිට

    May 11, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    නව විදුලි ගාස්තු සංශෝධනය අද සිට

    May 11, 202603 Views

    මෙම වසරේ දෙවන සහ තුන්වන කාර්තුවලට අදාළ විදුලි ගාස්තු සංශෝධනය අද (11) සිට ක්‍රියාත්මක කිරීමට…

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 2026

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.