Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නව විදුලි ගාස්තු සංශෝධනය අද සිට

    May 11, 2026

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 2026

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වූ රාජ්‍ය නිලධාරීන්ට සහන රැසක්
    Featured

    පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වූ රාජ්‍ය නිලධාරීන්ට සහන රැසක්

    By LFNDecember 19, 2023No Comments2 Mins Read157 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වූ දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරීන්ට සහනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල්තැබීම හේතුවෙන් පැන නැගී ඇති ගැටලු විසඳීම සඳහා කමිටුවක් පත්කිරීම යෝග්‍ය බවට මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සහා හා පළාත් පාලන අමාත්‍යාංශයට වෙත දැනුම් දී ඇත.

    ඒ අනුව එම අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඉදිරිපත් කර ඇති කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව ලැබී තිබේ.

    එම කමිටු නිර්දේශ මත පදනම්ව පහත සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

    1. ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වන බල ප්‍රදේශයෙන් පිටත සේවා ස්ථානයක් වෙත ස්ථාන මාරු කිරීම හේතුවෙන් දුෂ්කරතාවයට පත් දේශපාලන අයිතිවාසිකම් හිමි නිලධාරියෙකු ඒ සම්බන්ධයෙන් අභියාචනයක් කරන්නේ නම් ආයතන ප්‍රධානීන් විසින් ඒ පිළිබඳව සලකා බලා අදාළ සේවා ස්ථානයේ දේශපාලන කාර්යයන්වල හෝ දේශපාලන ප්‍රචාරණ ප්‍රවර්ධන කාර්යයන්වල හෝ නිරත නොවෙමින් කටයුතු කරන බවට එම නිලධාරීන්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව නිලධාරීන්ගේ ස්ථීර සේවා ස්ථානයට වාර්තා කිරීමට ඉඩ සලසා දීම.

    2. 2023.04.25 වන දින සිට 2023.05.08 වන දින දක්වා වූ කාලය සඳහා වැටුප් සහිත නිවාඩු සේ සලකමින් මුලික වැටුප ගෙවීම.

    3. 2023 පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී ඇති නිලධාරීන් 2023.05.08 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 07 / 2023 අනුව අනිවාර්යයෙන්ම සේවයට වාර්තා කරන ලෙස නියම කිරීම.

    4. ඒ අනුව දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරීන්ගේ ගැටලු විසඳීම සඳහා ඉහත කරුණු ඇතුළත්ව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරීම.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නව විදුලි ගාස්තු සංශෝධනය අද සිට

    May 11, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    නව විදුලි ගාස්තු සංශෝධනය අද සිට

    May 11, 202604 Views

    මෙම වසරේ දෙවන සහ තුන්වන කාර්තුවලට අදාළ විදුලි ගාස්තු සංශෝධනය අද (11) සිට ක්‍රියාත්මක කිරීමට…

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 2026

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.