Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වනඅලියා පිලිස්සීමේ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරයට

    December 24, 2025

    කුඩු රොෂාන් අත්අඩංගුවට

    December 24, 2025

    අර්ච්චුනාට ඇප

    December 24, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වූ රාජ්‍ය නිලධාරීන්ට සහන රැසක්
    Featured

    පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වූ රාජ්‍ය නිලධාරීන්ට සහන රැසක්

    By LFNDecember 19, 2023No Comments2 Mins Read157 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වූ දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරීන්ට සහනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල්තැබීම හේතුවෙන් පැන නැගී ඇති ගැටලු විසඳීම සඳහා කමිටුවක් පත්කිරීම යෝග්‍ය බවට මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සහා හා පළාත් පාලන අමාත්‍යාංශයට වෙත දැනුම් දී ඇත.

    ඒ අනුව එම අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඉදිරිපත් කර ඇති කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව ලැබී තිබේ.

    එම කමිටු නිර්දේශ මත පදනම්ව පහත සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

    1. ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වන බල ප්‍රදේශයෙන් පිටත සේවා ස්ථානයක් වෙත ස්ථාන මාරු කිරීම හේතුවෙන් දුෂ්කරතාවයට පත් දේශපාලන අයිතිවාසිකම් හිමි නිලධාරියෙකු ඒ සම්බන්ධයෙන් අභියාචනයක් කරන්නේ නම් ආයතන ප්‍රධානීන් විසින් ඒ පිළිබඳව සලකා බලා අදාළ සේවා ස්ථානයේ දේශපාලන කාර්යයන්වල හෝ දේශපාලන ප්‍රචාරණ ප්‍රවර්ධන කාර්යයන්වල හෝ නිරත නොවෙමින් කටයුතු කරන බවට එම නිලධාරීන්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව නිලධාරීන්ගේ ස්ථීර සේවා ස්ථානයට වාර්තා කිරීමට ඉඩ සලසා දීම.

    2. 2023.04.25 වන දින සිට 2023.05.08 වන දින දක්වා වූ කාලය සඳහා වැටුප් සහිත නිවාඩු සේ සලකමින් මුලික වැටුප ගෙවීම.

    3. 2023 පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී ඇති නිලධාරීන් 2023.05.08 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 07 / 2023 අනුව අනිවාර්යයෙන්ම සේවයට වාර්තා කරන ලෙස නියම කිරීම.

    4. ඒ අනුව දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරීන්ගේ ගැටලු විසඳීම සඳහා ඉහත කරුණු ඇතුළත්ව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරීම.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වනඅලියා පිලිස්සීමේ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරයට

    December 24, 2025

    කුඩු රොෂාන් අත්අඩංගුවට

    December 24, 2025

    අර්ච්චුනාට ඇප

    December 24, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,412 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    වනඅලියා පිලිස්සීමේ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරයට

    December 24, 20250115 Views

    සීප්පුකුලම වනඅලියා පිලිස්සීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනා අද (24) යළිත් රක්ෂිතය බන්ධනාගාරගත කර තිබේ. අදාළ…

    කුඩු රොෂාන් අත්අඩංගුවට

    December 24, 2025

    අර්ච්චුනාට ඇප

    December 24, 2025

    ගන්දරින් මුහුදු ගිය ‘දිනුක පුතා’ ළඟ රු. කෝටි 200ක මත්ද්‍රව්‍ය

    December 24, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.