Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 2026

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026

    කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

    March 20, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දැරියන්ට අතවර කළ දේවගැතිට අධිකරණය දුන් නියෝගය
    Featured

    දැරියන්ට අතවර කළ දේවගැතිට අධිකරණය දුන් නියෝගය

    By LFNDecember 19, 2023No Comments1 Min Read162 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කාන්තා නේවාසිකාගාරයක දැරියන්ට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ක්‍රිස්තියානි දේවගැතිවරයා ජනවාරි මස පළමු වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

    සැකකාර දේවගැතිවරයා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

    කාන්තා නේවාසිකාගාරයක රැඳී සිටින දැරියන් පිරිසකට ලිංගික අතවර කළ බව කියන 63 හැවිරිදි ක්‍රිස්තියානි දේවගැතිවරයෙකු කිරුළපන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

    සැකකාර දේවගැතිවරයා තමන්ට අතවර කළ බවට වැල්ලවත්තේ ප්‍රසිද්ධ පාසලක දැරියක් විදුහල්පතිනියට කළ දැනුම්දීමකින් පසුව සිදුකළ විමර්ශනයකදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

    රැකියාවක නිරත 23 හැවිරිදි තරුණියක් සහ වයස අවුරුදු 11ත් 18ත් අතර පාසල් සිසුවියන් 8 දෙනෙක් එම නේවාසිකාගාරයේ රැදී සිටින බවත්, ඔවුන්ගෙන් 6 දෙනෙකු පවුල් තුනක සහෝදරියන් බවත් පොලිසිය සඳහන් කළේය.

    ඔවුන්ගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ අදාළ දේවගැතිවරයා වසර කිහිපයක සිට දැරියන් 5 දෙනෙකුට විවිධ අතවර සිදුකර ඇති බවය.

    ඔවුන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර, සැකකාර දේවගැතිවරයා අත්අඩංගුවට ගැණුනේ එම දැරියන්ට පෙන්වූ බව කියන අසභ්‍ය දර්ශන ඇතුළත් ජංගම දුරකථනයද සමගය.

    දේවස්ථානයකට අනුබද්ධ අදාළ නේවාසිකාගාරය ලියාපදිංචියකින් තොරව පවත්වාගෙන ගොස් ඇති බවද මූලික විමර්ශනවලින් හෙළි වූ බව පොලිසිය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 2026

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026

    කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

    March 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 20260127 Views

    එළැඹෙන උත්සව සමයේ දී භාණ්ඩ වර්ග 100ක් සඳහා සතොසින් වට්ටම් ලබාදී ඇති බව වෙළෙඳ අමාත්‍ය…

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026

    කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.