Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අසභ්‍ය චිත්‍රපට හැදූ පාසල් සිසුන් දෙදෙනෙකු කොටුවෙයි
    Featured

    අසභ්‍ය චිත්‍රපට හැදූ පාසල් සිසුන් දෙදෙනෙකු කොටුවෙයි

    By LFNDecember 19, 2023No Comments2 Mins Read157 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාසල් සිසුවියන් සහ උසස් අධ්‍යාපනය හදාරණ තරුණියන් රැසක් දූෂණය කර එම අවස්ථා අසභ්‍ය චිත්‍රපට ලෙස රූගත කර අන්තර්ජාලයට එක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාසල් සිසුන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුන් දෙදෙනෙකි.

    15 හැවිරිදි පාසල් සිසුවියක් සහ ඇයගේ මව විසින් මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකාර සිසුන් දෙදෙනාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකු සමග අදාළ පාසල් සිසුවිය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවය.

    ප්‍රේම සම්බන්ධය පවත්වාගෙන යන කාලයේදී අදාළ සිසුවියගේ නිවස තුළදී අවස්ථා කිහිපයකදීම එම සිසුවා විසින් ඇයව දූෂණය කර ඇති බව හෙළිවී තිබේ.

    කෙටි කලකට පසුව එම ප්‍රේම සම්බන්ධය අත්හැර දමා ඇති අතර පසුව අනෙක් සිසුවා මෙම සිසුවිය වෙත කෙටි පණිවුඩය යොමුකර ඇති අතර සිසුවිය ඔහු සමග ද ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කර තිබේ.

    එම සම්බන්ධය අතරතුරදී සිසුවිය මහනුවර ප්‍රදේශයේ ලැගුම්හලක් වෙත රැගෙනගොස් ඇති අතර එහිදී තමන්ට යමක් පානය කිරීමට ලබාදුන් බවත් අනතුරුව සිදුවූ කිසිවක් මතක නොමැති බවත් එම සිසුවිය පොලීසිය වෙත පවසා ඇත.

    එහිදී සැකකාර සිසුවා විසින් සිසුවිය නිරුවත් කර අසභ්‍ය දර්ශන රූගත කර නැවත නැවත ඒවා පෙන්වා තර්ජනය කර සිසුවිය ලැගුම්හල් වෙත රැගෙන ගොස් දූෂණයට ලක්කර ඇති බවද අනාවරණය වී තිබේ.

    එලෙස රූගත කරන ලද දර්ශන සැකකාර සිසුවා විසින් අන්තර්ජාලයට හා මිතුරන් වෙත යොමුකර ඇති බවද විමර්ශනවලදී හෙළිවී තිබේ.

    ඒ සඳහා සිසුවියගේ පළමු පෙම්වතාගේ ද සහාය ලැබී ඇති බව සිදුකළ විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලීසිය සැකකාර සිසුන් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂා කිරීම් සිදුකිරීමේදී එක් සිසුවෙකුගේ ජංගම දුරකථනයේ තිබී තවත් සිසුවියන් සහ තරුණියන් රැසක් සමග එලෙස රූගත කරන ලද අසභ්‍ය දර්ශන රැසක් සොයාගෙන ඇත.

    එම සිසුවිය දූෂණයට ලක්ව ඇති බව අනාවරණය වී ඇති ලැගුම්හලේ හිමිකරු සහ එහි කළමනාකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 22 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

    අත්අඩංගුවට ගත් පාසල් සිසුන් දෙදෙනා මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජනවාරි මස 01 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත.

    මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.