Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නව විදුලි ගාස්තු සංශෝධනය අද සිට

    May 11, 2026

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 2026

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තේරීම් කමිටුවේ ඔළු ගෙඩි මාරු කළාට වැඩක් නෑ – කුමාර් ධර්මසේන
    Featured

    තේරීම් කමිටුවේ ඔළු ගෙඩි මාරු කළාට වැඩක් නෑ – කුමාර් ධර්මසේන

    By LFNDecember 18, 2023No Comments1 Min Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීමට නම් අවම වශයෙන් වසර 10ක වත් සැලැස්මකට අනුව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙක් වන කුමාර් ධර්මසේන මහතා පවසයි.

    ඔහු එසේ පැවසුවේ ඊයේ (17) අයගම පැවති වැඩසටහනකදීය.

    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ධර්මසේන මහතා පැවසුවේ වර්ථමානයේ පසුබෑමක් තිබුණ ද එය අනාගතයේදී යලි යථා තත්ත්වයට පැමිණෙනු ඇති බවට බලාපොරොත්තු වන බවය.

    “මම හිතන්නේ නම් සිලෙක්ෂන් කමිටි එකේ ඉන්න ඔළුගෙඩි ටික මරු කළා කියලා වෙනසක් වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් අවුරුදු 3, 4කට පසුව සිලෙක්ෂන් කමිටි එකක් මාරු වුණාට කමන් නෑ. හැබැයි මම පෞද්ගලිකව හිතනවා ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ අවුරුදු 10ක. අපි කණ්ඩායමේ නායකයෙක් හදනවා නම් ඒ නායකයා අවුරුදු 5කටවත් නායකත්වය දරා ගැනීමට හැකි නායකත්වයට සුදුසු පුද්ගලයෙක් හැටියට තමයි අපි හොයාගන්න ඕනේ. අපි ඊළඟ 2027 එකට හොඳ නායකයා හොයා ගන්න ඕනේ. මම පෞද්ගලිකව හිතන දෙයක් තමයි ක්‍රිකට් කියන දේය කවදාවක් වැළලෙන්නේ නෑ. ඒ ක්‍රීඩාව හැමදාම තියෙයි. මේ දවස් වල පොඩි පසුබෑමක් තියෙනවා. මම හිතනවා ඒ පසුබෑම අනාගතයේ දී හරි යයි කියලා. අපේ පරණ ක්‍රීඩකයෝ සනත් ජයසූරිය එහෙම එකතුවෙලා තියෙනවා. එකෙන් අලුත් පිපිදීමක් එයි කියලා බලාපොරොත්තු වෙනවා. සැලැස්මක් එක්ක ගියොත් වැඩිකල් යන්න කලින් අපිට ඉස්සරහට එන්න පුළුවන්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නව විදුලි ගාස්තු සංශෝධනය අද සිට

    May 11, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    නව විදුලි ගාස්තු සංශෝධනය අද සිට

    May 11, 202604 Views

    මෙම වසරේ දෙවන සහ තුන්වන කාර්තුවලට අදාළ විදුලි ගාස්තු සංශෝධනය අද (11) සිට ක්‍රියාත්මක කිරීමට…

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 2026

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.