මිල්කෝ සමාගමේ වත්මන් සභාපති රේණුක පෙරේරා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත අද (18) දින ලිපියක් යොමු කරමින් රේණුක පෙරේරා මහතා මේ බව සඳහන් කර ඇත.
2022 වසරේ ජනවාරි 21 වන දින සිට රේණුක පෙරේරා මහතා මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.
රජයේ ප්‍රතිපත්ති තීරණයක් අනුව මිල්කෝ ආයතනය පෞද්ගලීකරණය කිරීම සඳහා දේශීය හා ඉන්දියානු සමාගමක් ඒකාබද්ධව කටයුතු ආරම්භ කර ඇති පසුබිම තුළ ආයතනය ඉදිරි ප්‍රගමනය සඳහා මෙහෙයවීමට තමා කාලය වැය කිරීම ඵලදායි නොවන බැවින් සේවා කාලය තවත් මාසයක කාලයක් ඉතිරිව තිබිය දීත් ඉල්ලා අස්වීමට තීරණය කළ බව රේණුක පෙරේරා මහතා මුදල් ලේකම්වරයා වෙත යොමුකළ ලිපියේ සඳහන්ව තිබේ.