Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නව විදුලි ගාස්තු සංශෝධනය අද සිට

    May 11, 2026

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 2026

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහ වැස්සෙන් උතුර සහ උතුරු මැද යටවෙයි
    Featured

    මහ වැස්සෙන් උතුර සහ උතුරු මැද යටවෙයි

    By LFNDecember 18, 2023No Comments2 Mins Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධික වැසි හේතුවෙන් ජලාශ රැසක් වාන් දැමීම නිසා ප්‍රදේශ ගණනාවක් මේ වන විට ජලයෙන් යටවී තිබේ.

    මේ අතර අයහපත් කාලගුණයෙන් මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල පවුල් 2142ක 6719 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    ඒ අනුව මේ දිනවල පතිත වන අධික වැස්සෙන් දැනට වැඩිම බලපෑමක් උතුරු පළාතට එල්ල වී තිබේ.

    කිලිනොච්චිය ඉරණමඩු ජලාශය වාන් දැමීමෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ කණ්ඩාවලෙයි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයටය.

    මුලතිව් මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයටද ජල ගැලීම්වලින් එල්ල වී ඇත්තේ දැඩි බලපෑමකි.

    මුලතිව්හි මුත්තියාන්කට්ටු ජලාශය ඇතුළු උතුරු පළාතේ වැව් රැසක්ද වාන් දමමින් ඇති බවට වාර්තාවෙයි.

    කිලිනොච්චි, පුදුමුරිප්පු ජලාශයේ ධාරිතාවය ඉහළ යාම නිසා ජලාශයේ බැම්මට හානි සිදුවීමේ අවදානම හේතුවෙන් යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එහි වැලිකොට්ට අතුරා තිබේ.

    උතුරුමැද පළාතටත් අධික වැස්සෙන් එල්ලවී ඇත්තේ දැඩි බලපෑමකි.

    ධාරාණිපාත වැසි සමග අනුරාධපුර මල්වතු ඔය පිටාර ගලා පූජා නගරයේ මල්වතු ඔය දෙපස පහත් බිම් ජලයෙන් යටවී තිබේ.

    අනුරාධපුර – යාපනය හන්දිය ප්‍රදේශයෙන් පූජා නගරයට ඇතුළුවන මාර්ගය ජලයෙන් යටවීම නිසා එහි ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

    වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ මල්වතු ඔය ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල පිහිටි වෙන්ගලචෙඩ්ඩිකුලම්, මඩු, මූසාලෛ, නැනඩ්ඩාන් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංවතුර නිම්නයේ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවටය.

    මේ අතර රාජාංගණය ජලාශයේ වාන් දොරටු 14ක් මේ වන විට විවෘතව පවතින අතර, ඉන් තත්පරයට ඝන අඩි 15,500ක ජල ප්‍රමාණයක් නිකුත් කෙරෙයි.

    අංගමුව ජලාශයේ වාන් දොරටු 2ක්ද අඩි 3 බැගින් විවෘත කර ඇත.

    අධික වැසි සමග කලාඔය පිටාර ගැලීමට පටන්ගෙන තිබේ.

    ගල්නෑව සිට හිරිපිටියාගම හරහා කැකිරාව දක්වා දිවෙන මාර්ගය හඳුන්ගම පාලම අසලින් මේ නිසා සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇත.

    අනුරාධපුර, නාච්චාදූව වැවේ වාන් දොරටු හයම මේ වන විට විවෘත කර තිබේ.

    තත්පරයට ඝන අඩි 2200ක් ලෙස ඉන් ජලය නිකුත් කෙරෙයි.

    මේ අතර සෝමාවතිය පුද බිමට පිවිසෙන මාර්ගය 53 කණුව සහ දිග්ගල අතර ප්‍රදේශයෙන් ඊයේ පස්වරුවේ අඩි එකහමාරක් පමණ ජලයෙන් යටවී තිබුණේ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමෙනි.

    මහනුවර සිට පුදබිම වෙත ඊයේ පැමිණ සිටි වන්දනා නඩයක් සහ තවත් වන්දනාකරුවන් පිරිසක් මාර්ග අවහිර වීම නිසා යළි නිවෙස් බලා යෑමට නොහැකිව ඊයේ රාත්‍රියේ විහාරස්ථානයේ රැඳී සිටියේය.

    එම වන්දනාකරුවන් 75 දෙනා සෝමාවතිය – සුංගාවිල මාර්ගයේ 35 කණුව ප්‍රදේශයවෙත නිරුපද්‍රිතව අද පස්වරුවේ රැගෙන ආවේ සෝමාවතිය පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායමේ මැදිහත්වීමෙනි.

    මේ අතර මහවැලි ගඟ පිටාර ගලා පොලොන්නරුව, මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නැගෙනහිර මායිමේ කුඹුරු අක්කර 600ක් පමණ සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇත.

    කණ්ඩලම ජලාශය වාන් දැමීම නිසා එහි වාන මතින් බස් හා ලොරි රථ හැර වෙනත් කිසිඳු වාහනයක් ධාවනය නොකරන්නැයි වාරිමාර්ග බලධාරීන් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නව විදුලි ගාස්තු සංශෝධනය අද සිට

    May 11, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    නව විදුලි ගාස්තු සංශෝධනය අද සිට

    May 11, 202604 Views

    මෙම වසරේ දෙවන සහ තුන්වන කාර්තුවලට අදාළ විදුලි ගාස්තු සංශෝධනය අද (11) සිට ක්‍රියාත්මක කිරීමට…

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 2026

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.