Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යාල්දේවි යළි ගමන් අරඹයි

    May 11, 2026

    දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම්

    May 11, 2026

    නව විදුලි ගාස්තු සංශෝධනය අද සිට

    May 11, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හම්බන්තොට ආපදාවෙන් පුද්ගලයින් 891කට පීඩා
    Featured

    හම්බන්තොට ආපදාවෙන් පුද්ගලයින් 891කට පීඩා

    By LFNDecember 18, 2023No Comments1 Min Read107 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදෙශ රැසක ජනතාව මේ වනවිට පීඩාවට පත්ව සිටී.

    හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ප්‍රියන්ත සුමනසේකර මහතා පැවසුවේ පවුල් 253 ක පුද්ගලයන් 891 ක් හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට ලක්ව ඇති බවය.

    ආපදාවට පත්ව ඇති පුද්ගලයින් සඳහා කඩිනම් සහන සැපයීමට මේ වනවිට කටයුතු යොදා ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

    ආපදා තත්ත්වය සමග තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇල්ලගල, මැදවැලෑන, සේනපුර, රබර්වත්ත, ගැමුණුපුර සහ යෝධ කණ්ඩිය ග්‍රාම සේවා වසම්වල ජනතාව පීඩාවට පත්ව සිටී.

    එසේම සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහගජදුර සහ රන්මුදුවැව ග්‍රාම සේවා වසම් සහ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලියන්ගස්තොට සහ බෝලාන දකුණ ප්‍රදේශවල ජනතාව ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටී.

    මේ අතර හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කෑලියපුර, හම්බන්තොට බටහිර,
    හම්බන්තොට නැගෙනහිර, යහංගල නැගෙනහිර, තැම්මැන්නාව, සාමෝදාගම සහ ගොන්නොරුව යන ප්‍රදේශවල ජනතාව පීඩාවට පත්ව සිටී.

    මේ අතර සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වැවක් කැඩීයෑම හේතුවෙන් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහගල්වැව ග්‍රාම නිලධාරි වසමෙහි නිවාස කිහිපයක් යටවී ඇති බවටද මේ වනවිට තොරතුරු වාර්තාවෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    යාල්දේවි යළි ගමන් අරඹයි

    May 11, 2026

    දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම්

    May 11, 2026

    නව විදුලි ගාස්තු සංශෝධනය අද සිට

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    යාල්දේවි යළි ගමන් අරඹයි

    May 11, 202602 Views

    යාල්දේවි දුම්රිය කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර ධාවන කටයුතු අද (11) සිට යළි ආරම්භ කෙරෙන…

    දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම්

    May 11, 2026

    නව විදුලි ගාස්තු සංශෝධනය අද සිට

    May 11, 2026

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.