Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යාල්දේවි යළි ගමන් අරඹයි

    May 11, 2026

    දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම්

    May 11, 2026

    නව විදුලි ගාස්තු සංශෝධනය අද සිට

    May 11, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාසල් දරුවන් අවදානමක
    Featured

    පාසල් දරුවන් අවදානමක

    By LFNDecember 16, 2023No Comments1 Min Read151 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රමිතියෙන් තොර පාසල් උපකරණ භාවිතයෙන් දරුවන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් සිදු වෙමින් පවතින බව අනාවරණය වී තිබේ.

    වෛද්‍යවරුන් පවසන්නේ, වෙළෙඳපොළේ පවතින ප්‍රමිතියෙන් තොර ආනයනික පාසල් උපකරණ හරහා එම තත්ත්වය මතු වී ඇති බවය.

    නීතියට පිටින් විවිධ ක්‍රම හරහා රට තුළට ගෙන එන ප්‍රමිතියෙන් තොර පාසල් උපකරණ අද වන විට වෙළෙඳපොළ ආක්‍රමණය කර අවසන්ය.

    වෛද්‍යවරුන් පවසන්නේ පැන්සල් සහ පාට පැන්සල්වල ආලේප කර තිබෙන තීන්ත සහ මිනිරන් හෝ පාට පැන්සල් කූර ප්‍රමිතියෙන් යුක්ත නොවීමෙන් දරුවන්ගේ ජීවිත අවදානමකට ලක්විය හැකි බවය.

    දරුවන් ඒවා භාවිත කිරීමේදී මුඛයෙන් සැපීමකට ලක්කිරීම හරහා ඊයම් වැනි බැර ලෝහ ශරීරයට ඇතුළු වීමේ අවස්ථාව තිබේ.

    නමුත් අන්තර්ජාතික ප්‍රමිතියට අනුව දරුවන් භාවිත කරන පැන්සල් හා පාට පැන්සල් EN71-3 යනුවෙන් සහතික කර ඇති අතර එමගින් ශරීරයට අහිතකර බැර ලෝහ 19කින් ආරක්ෂාව ලබාදේ.

    මේ අතර දරුවන් එදිනෙදා භාවිත කරන වතුර බෝතල් හා කෑම පෙට්ටි වැනි ප්ලාස්ටික් උපකරණ ඝෘජුවම ආහාර තුළින් සිරුර හා සම්බන්ධ වීමෙන් ඒවා භාවිත කිරීමේදී සැලකිලිමත් විය යුතුය.

    වෙළෙඳපොළෙන් මිලදී ගැනීමේදී ඒ ඒ උපකරණවල පතුල මත BPAවලින් තොර හෝ අංක 5 සටහන් කර ඇත්නම් ඒවා භාවිතයට සුදුසු බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    යාල්දේවි යළි ගමන් අරඹයි

    May 11, 2026

    දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම්

    May 11, 2026

    නව විදුලි ගාස්තු සංශෝධනය අද සිට

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    යාල්දේවි යළි ගමන් අරඹයි

    May 11, 202602 Views

    යාල්දේවි දුම්රිය කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර ධාවන කටයුතු අද (11) සිට යළි ආරම්භ කෙරෙන…

    දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම්

    May 11, 2026

    නව විදුලි ගාස්තු සංශෝධනය අද සිට

    May 11, 2026

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.