වැලිගම පොලිස් වසමේ නව ගාලුපාර ඉන්ධනහල ඉදිරිපිට පිහිටි මත්ස්‍ය වෙළෙඳසලක් අසල දී ඊයේ (15) වෙඩි තැබීමක් සිදු කර තිබේ.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පුද්ගලයන් දෙදෙනෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බව සඳහන්ය.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා වලාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර රෝහලට මාරු කර යවා තිබේ.
තුවාලකරුවන් වයස අවුරුදු 42 හා 52 යන වයස්වල පසු වන දෙණිපිටිය සහ වැලිපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු බව සඳහන්ය.
එක් තුවාලකරුවෙකු වෙඩි තැබීම සිදු වූ මත්ස්‍ය වෙළෙඳසලක හිමිකරුවකු වන අතර, අනෙක් පුද්ගලයා එම මත්ස්‍ය වෙළෙඳසලේ සේවකයෙකු බව අනාවරණය වී තිබේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැලිගම පොලීසිය විමර්ශන සිදු කරයි.