Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අධික වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් වාන් දමයි

    May 11, 2026

    බටුවත්තේ චාමර දිවයිනට රැගෙන එයි

    May 11, 2026

    යාල්දේවි යළි ගමන් අරඹයි

    May 11, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොලිස් නිලධාරීන් ලෙස රඟපෑ තිදෙනෙක් අත්අඩංගුවට
    Featured

    පොලිස් නිලධාරීන් ලෙස රඟපෑ තිදෙනෙක් අත්අඩංගුවට

    By LFNDecember 15, 2023No Comments2 Mins Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොලීසිය බව හඟවමින් රාත්‍රී කාලයේදී මාර්ග බාධකයක් යොදා මාර්ගයේ ගමන්ගත් පුද්ගලයින් පරීක්ෂා කිරීමේ නිරතවී සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    කැස්බෑව පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ලෙස හඟවමින් අදාළ පුද්ගලයින් මෙම ක්‍රියාව සිදුකර ඇත.

    ඒ, කැස්බෑව සර්වෝදය මාවතේ මාර්ග බාධකයක් යොදා ගනිමිනි.

    සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කැස්බෑව පොලීසිය විසිනි.

    එම සැකකරුවන් පැමිණ තිබූ යතුරුපැදි දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.

    ත්‍රීරෝද රථයකින් රාත්‍රියේ ජංගම සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මඩපාත සර්වෝදය මාවතේ කෙළවරට වන්නට පිරිසක් රැඳී සිටින අයුරු දැක තිබුණි.

    ඔවුන් එම ස්ථානයට ළඟාවීමත් සමගම එහි සිටි පුද්ගලයින් තිදෙනා පළාගොස් තිබේ.

    එහිදී වහා ක්‍රියාත්මකවූ පොලිස් නිලධාරීන් පළායමින් සිටි පුද්ගලයන් තිදෙනා පසුපස හඹාගොස් ඉන් දෙදෙනෙකු ඒ මොහොතේදීම අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

    අනතුරුව ඔවුන් දෙදෙනාට අත්මාංචු දමා ඔවුන් සිටි ස්ථානයට රැගෙන ඒමෙන් අනතුරුව ඒ වනවිටත් එහි සිටි පුද්ගලයන් දෙදෙනා පවසා ඇත්තේ,

    “මම පෙදරේරුවෙක්. මදුරු දඟර මිලදී ගැනීම සඳහා වෙළඳසැලට යමින් සිටියේ. මේ තිදෙනාගෙන් අයෙකු තමන් කැස්බෑව පොලීසියේ OIC බව කියමින් නවතින කිව්වා . එම විධානයට අනුව මම නැවතුනා. OIC කියූ පුද්ගලයා අනෙක් පුද්ගලයාට කතා කරලා කිව්වා… පී.සී මේ දෙන්නගේ අයි ඩී චෙක් කරනවා” කියලා.

    ඒ අවස්ථාවේදී තමන් වෙළෙඳසැලට යන නිසා හැඳුනුම්පත රැගෙන පැමිණියේ නොමැති බව දැනුම්දුන් පසුව තමන්ව හොඳින් පරීක්ෂා කරන ලෙස යළිත් පී. සී කියන පුද්ගලයාට දැනුම්දුන් බවත් පවසා තිබේ.

    අත්අඩංගුවටගත් සැකකරුවන් පොලීසියට රැගෙන ඒමෙන් අනතුරුව සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී කැස්බෑව පොලීසියේ OIC ලෙස රඟපෑ සැකකරු අරක්කැමියෙකු ලෙස සේවය කරන පුද්ගලයෙකු බවත් සැරයන් ලෙස හැඳින්වූ සැකකරු ත්‍රීරෝද රථ රියදුරකු බවත්, පී සී ලෙස හැඳින්වූ සැකකරු රැකියාවක් නොමැති අයෙකු බවත් අනාවරණය වී ඇත.

    සැකකරුවන් තිදෙනා ජබුරලිය සහ නිවුන්ගම පදිංචි වයස අවුරුදු 35 සහ 45 යන වයස්වල පසුවන පුද්ගලයන් වෙයි.

    සැකකරුවන් කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අධික වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් වාන් දමයි

    May 11, 2026

    බටුවත්තේ චාමර දිවයිනට රැගෙන එයි

    May 11, 2026

    යාල්දේවි යළි ගමන් අරඹයි

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    අධික වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් වාන් දමයි

    May 11, 202600 Views

    පවතින අධික වර්ෂාපතන තත්ත්වය සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ…

    බටුවත්තේ චාමර දිවයිනට රැගෙන එයි

    May 11, 2026

    යාල්දේවි යළි ගමන් අරඹයි

    May 11, 2026

    දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම්

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.