Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සැඩ රළ පහරකට හසුවූ බලපිටියේ බෝට්ටු 20කට හානි
    Featured

    සැඩ රළ පහරකට හසුවූ බලපිටියේ බෝට්ටු 20කට හානි

    By LFNDecember 15, 2023No Comments2 Mins Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බලපිටිය, හරස්පොළ මුහුදු තීරයේ ඊයේ අලුයම ඇති වූ සැඩ රළ පහරක් හේතුවෙන් වෙරළේ නවතා තිබූ බෝට්ටු රැසකට දැඩි හානි සිදුව තිබේ.

    වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ ඉන් බෝට්ටු 20කට පමණ හානි සිදුව ඇති බවය.

    බෝට්ටු 200ක් පමණ වෙරළේ නවතා තිබී ඇති අතර, ඒවා එකිනෙක ගැටීම හේතුවෙන් මෙලෙස බෝට්ටු කිහිපයකට හානි සිදුව තිබුණි.

    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඉදිරි පැය කිහිපයේ නැගෙනහිර, ඌව, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවය.

    දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි ඇදහැලෙමින් පවතින අතර ගතවූ පැය 24 තුළ මිලිමීටර් 90ක වැඩිම වර්ෂාපතනය වාර්තා වුණේ කුකුළේගඟ ප්‍රදේශයෙනි.

    පවතින අයහපත් කාලගුණයෙන් පවුල් 127කට අයත් පුද්ගලයින් 456 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව සිටින අතර පවුල් 176කට අයත් පුද්ගලයින් 589 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රඳවා සිටියි.

    කොස්ලන්ද, කැලිපනාවෙල, ගලබොඩකන්දේ මේ දිනවල සිදුවන නාය යෑම පරීක්ෂා කිරීම සඳහා බදුල්ල දිස්ත්‍රික් ලේකම්, හල්දුම්මුල්ල ප්‍රදේශිය ලේකම්, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරීන් ඇතුළු පිරිසක් ඊයේ එහි පැමිණියේය.

    මෙම නාය යෑම හේතුවෙන් අස්වැද්දුම හා කොටබෙත්ම ගම්මානවල පවුල් 86කට අයත් පුද්ගලයින් 291 දෙනෙකු අවතැන්ව සිටියි.

    ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ඊයේ ඩ්‍රෝන යානා උපයෝගි කරගෙන මෙම නාය යෑම පිළිබඳ ඊයේ පරීක්ෂා කරනු ලැබීය.

    පොලොන්නරුව දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග පෙරියආරු ගඟ පිටාර ගැලීමෙන් මහ කන්නය යටතේ මීට මාසයකට පෙර වගාකළ සුංගාවිල ප්‍රදේශයේ කුඹුරු අක්කර 100කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටවී තිබේ.

    එමෙන්ම මහවැලි ගග පිටාර ගැලීමෙන් පොලොන්නරුව, ඓතිහාසික සෝමාවතිය පුජා භූමිය වෙත පිවිසෙන සුංගාවිල මාර්ගය දින කිහිපයක සිට ජලයෙන් යටවී තිබේ.

    ධාරාණිපාත වර්ෂාවත් සමග රාවණා ඇල්ලේ ජල මට්ටම ඉහළගොස් ඇති ආකාරය මේ දිනවල දක්නට ලැබෙයි.

    මේ අතර ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කළු ගඟ මිල්ලනියෙන්, ගිං ගඟ බද්දේගමින් සහ නිල්වලා ගඟ තල්ගහගොඩින් සුළු සංගවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබේ.

    එමෙන්ම නිල්වලා ගඟේ අතු ගංගාවක්වන කිරමආර ඔය පිටාර ගැලීමෙන් තිහගොඩ, අකුරලිය , අකුරැස්ස, කඹුරුපිටිය ඇතුළු පහත්බිම් මෙන්ම මාතර – කඹුරුපිටිය මාර්ගය ස්ථාන කිහිපයකින් තවදුරටත් ජලයෙන් යටවී ඇත්තේ මෙලෙසිනි.

    ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලුණු වර්ෂාව නිසා ඊයේ පෙරවරුව වනවිට කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබේ.

    මෙම තත්ත්වය මත කුඩා ගඟ පිටාර ගැලීමෙන් බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගයේ දඹල, ඇටඹගස් හන්දිය, පරගොඩ යන ප්‍රදේශ සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ගමනාගමනයට බාධා එල්ල වී ඇත්තේ මෙලෙසිනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202602 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.