Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අධික වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් වාන් දමයි

    May 11, 2026

    බටුවත්තේ චාමර දිවයිනට රැගෙන එයි

    May 11, 2026

    යාල්දේවි යළි ගමන් අරඹයි

    May 11, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හෙරොයින් කිලෝග්‍රෑම් 107ක් විනාශ කෙරේ
    Featured

    හෙරොයින් කිලෝග්‍රෑම් 107ක් විනාශ කෙරේ

    By LFNDecember 14, 2023No Comments2 Mins Read162 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2019 වසරේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිදු කළ වැටලීමකින් අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ භාරයට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 107ක තොගයක් විනාශ කිරීම අද (04) සිදු කිරීමට නියමිතයි.

    එම හෙරොයින් ‘ඉන්සී’ සිමෙන්ති සමාගමට අයත් පුත්තලම පාලවිය ප්‍රදේශයේ පිහිටි උඳුන් තුළ දී දහනය කිරීම සිදු වනු ඇත.

    මෙම හෙරොයින් කිලෝග්‍රෑම් 107 දහනය කර විනාශ කිරීම සඳහා කොළඹ මහාධිකරණයේ සිට අද උදෑසන රැගෙන ගිය බව වාර්තා වේ.

    කොළඹ මහාධිකරණයේ නඩු භාණ්ඩ ලෙස තිබූ මෙම හෙරොයින් තොගය ප්‍රවාහනය කරන අවස්ථාවට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ද යොදවා තිබුණු බව සඳහන්ය.

    මෙම හොරොයින් කිලෝග්‍රෑම් 107 පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ භාරයට පත්වන්නේ, 2019 වසරේ දී ය.

    එම කාර්යාංශය සිදු කරන ලද වැටලීමක දී හෙරොයින් කිලෝග්‍රෑම් 107ක් සහ හෙරොයින් බවට සැක කෙරෙන කුඩු කිලෝ 01යි ග්‍රෑම් 104ක් සමඟ සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.

    ඔවුන්ට කොළඹ මහාධිකරණයේ නඩු පවරා වරදකරුවන් වීමෙන් පසු ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී තිබේ.

    එහි දී මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත්තේ, එම හෙරොයින් තොගය විනාශ කරන ලෙසයි.

    ඒ අනුව හෙරොයින් දහනය කර විනාශ කිරීම අද සිදු කිරීමට නියමිත ව ඇත.

    මේ අවස්ථාවට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, රස පරීක්ෂක කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී දෙපාර්තමේන්තුව සහ අධිකරණ කාර්යාල මණ්ඩලය ඇතුළු ආයතන රැසක නිලධාරීන් සම්බන්ධ වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අධික වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් වාන් දමයි

    May 11, 2026

    බටුවත්තේ චාමර දිවයිනට රැගෙන එයි

    May 11, 2026

    යාල්දේවි යළි ගමන් අරඹයි

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    අධික වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් වාන් දමයි

    May 11, 202600 Views

    පවතින අධික වර්ෂාපතන තත්ත්වය සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ…

    බටුවත්තේ චාමර දිවයිනට රැගෙන එයි

    May 11, 2026

    යාල්දේවි යළි ගමන් අරඹයි

    May 11, 2026

    දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම්

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.