Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ගැන තවත් ආන්දෝලනාත්මක කතාවක්
    Featured

    හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ගැන තවත් ආන්දෝලනාත්මක කතාවක්

    By LFNDecember 14, 2023No Comments3 Mins Read146 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිල දී ගැනීමේ ක්‍රියාවලියේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතාගේ ක්‍රියාකලාපය අධිකරණයට සැක සහිත බව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඊයේ (03) අවධාරණය කර තිබේ.

    එබැවින් මහජනතාවට බාල ඖෂධ ලබාදීමට එරෙහිව යුක්තිය පසිඳලීම සඳහා ඊට වගකිව යුතු සියලු පාර්ශ්ව තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

    එමෙන්ම ප්‍රශ්නගත සැපයුම්කරු වෛද්‍ය සැපයුම් අංශයට සැපයූ තවත් ඖෂධ 04ක් භාවිතයෙන් ඉවත් කරන ලෙස ද අධිකරණය විසින් වෛද්‍ය සැපයුම් අංශයට නියෝග කර තිබේ.

    ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිල දී ගැනීම සහ මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීම සම්බන්ධයෙන් වූ නීති කෘත්‍යය ඊයේ (13) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවනු ලැබිණි.

    එහි දී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රශ්නගත ඖෂධය සැපයූ සමාගමේ හිමිකරු සහ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කෙ‍රිණි.

    අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් විමර්ශනවල ප්‍රගතිය වර්තා කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය කියා සිටියේ, ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රාවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිදු කළ පරීක්ෂණ වාර්තාව තමන් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

    අදාළ වාර්තාවට අනුව එම එන්නත් මාත්‍රා ක්ෂුද්‍ර ජීවි පරීක්ෂණය අසමත් වී ඇති බවත් රෝගින්ගේ ශරීරයට එන්නත් කරන ලද ද්‍රාවණවල ක්ෂුද්‍ර ජීවින් සිට ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අනාවරණය කළාය.

    එබැවින් එම ඖෂධ රෝගින්ට මාරාන්තික අසාත්මිකතා ඇති කරවනු ඇතැයි ක්ෂුද්‍ර ජීවි විශේෂඥයින්ගේ මතය වී ඇති බව ද ඇය වැඩිදුරටත් පැවසීය.

    එමෙන්ම ප්‍රශ්නගත සැපයුම්කරු විසින් සපයන ලද දැනට ප්‍රමිතියෙන් තොර බව අනාවරණය වී ඇති හියුමන් ඉමියුනොග්ලොබියුලින් සහ රිටොක්සිමැප් යන ඖෂධවලට අමතරව තවත් ඖෂධ 04ක් පිළිබඳ මේ වන විට විමර්ශන අරඹා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

    ඒ අනුව ගුදමාර්ගය හා මහබඩවැල් ආශ්‍රිතව පිළිකා සඳහා ලබාදෙන ඖෂධයක්, පෙනහලු සහ ආමාශය ආශ්‍රිත පිළිකා සඳහා ලබාදෙන ඖෂධයක්, අක්ෂි ශෛල්‍යකර්මවල දී භාවිත කරන ඖෂධයක් සහ රුධිරය කැටි ගැසීමේ ගැටලුවල දී ලබාදෙන ඖෂධයක් සම්බන්ධයෙන් මෙලෙස විමර්ශන අරඹා ඇති බැවින් අදාළ ඖෂධ රෝගීන්ට ලබාදීම අත්හිටුවා යළි ගෙන්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඇය මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලීමක් කර තිබේ.

    අදාළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එම ප්‍රශ්නගත ඖෂධ 04 රෝගින්ට ලබාදීම වහා නවතා විමර්ශන සඳහා ආරක්ෂිතව ගබඩා කර තබන ලෙස වෛද්‍ය සැපයුම් අංශයට නියෝග කර ඇත.

    එමෙන්ම මෙහි දී විමර්ශන සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය තවදුරටත් දීර්ඝව කරුණු දැක්වූ අතර, පසුව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටී නීතිඥයින් සිය සේවාදායකයන් වෙනුවෙන් ඇප ඉල්ලීම් ද ඉදිරිපත් කර තිබේ.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම් යළිත් වරක් ප්‍රතික්ෂේප කරමින් විවෘත අධිකරණය හමුවේ මෙලෙස ප්‍රකාශ කළාය,

    “දැනට අධිකරණය හමුවේ ඉදිරිපත් වී ඇති කරුණු අනුව මෙම ප්‍රශ්නගත ඖෂධ මිල දී ගැනීමේ ක්‍රියාවලියේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාගේ ක්‍රියාකලාපය ගැන අධිකරණයට සැක සහිත වී තිබෙනවා. රටේ මහජනතාවට ලබාදෙන ඖෂධ සම්බන්ධයෙන් සිදු ව ඇති මෙම වංචාසහගත ක්‍රියාදාමයට එරෙහිව යුක්තිය පසිඳලීම හදිස්සියකින් හෝ ප්‍රමාදයකින් තොරව සිදුවිය යුතුයි. එබැවින් මෙම අධිකරණය නියෝග කරනවා වගකිවයුතු පුද්ගලයන් කුමන පාර්ශ්වවල කුමන නිලවල සිටියත් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා”

    ඒ අනුව සැකකරුවන් 05 දෙනා දෙසැම්බර් මස 27 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202600 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.