Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහාචාර්ය රිස්වි ෂෙරිෆ් ට එරෙහි විනය පරීක්ෂණය ට අතුරු තහනමක්
    Featured

    මහාචාර්ය රිස්වි ෂෙරිෆ් ට එරෙහි විනය පරීක්ෂණය ට අතුරු තහනමක්

    By LFNDecember 14, 2023Updated:December 14, 2023No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බොරැල්ල වෙස්ටන් රෝහලේ සභාපති වෛද්‍ය මහාචාර්ය රිස්වි ෂෙරිෆ් මහතාට එරෙහිව අද (14) ආරම්භ කිරීමට නියමිතව තිබූ විනය පරීක්‍ෂණය පැවැත්වීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත අතුරු නියෝගයක් නිකුත් කළේය.

    මහාචාර්ය රිස්වි ෂෙරිෆ් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.

    පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ශ්‍රී ලංකාවේ සිටින පුරෝගාමී වකුගඩු ශල්‍ය වෛද්‍යවරයෙකු බව සඳහන් කර සිටියේය.

    ඔහු විසින් පවත්වාගෙන යන බොරැල්ල වෙස්ටර්න් රෝහලේ සිදුකළ වකුගඩු ශල්‍යකර්ම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විමර්ශන කමිටුවක් පත්කොට වාර්තාවක් ඉදිරිපත් කළ බවත් එම වාර්තාව පදනම් කරගෙන ඉදිරි පියවර කිසිවක් නොගන්නා ලෙසට අභියාචනාධිකරණය විසින් ඉකුත් නොවැම්බර් මස 23 වනදා තීන්දුවක් ලබාදී තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

    එසේ තිබියදී අභියාචනාධිකරණය මගින් තහනම් කර තිබෙන අදාළ වාර්තාව පදනම් කරගෙන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් තම සේවාදායකයාට එරෙහිව හෙට දින විමර්ශනයක් පැවැත්වීමට තීරණය කර ඇති බවත් එම තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරන විනිසුරු මඩුල්ල පෙත්සම්කාර වෛද්‍යවරයාට එරෙහිව හෙට දින පැවැත්වීමට නියමිත විනය පරීක්ෂණය ක්‍රියාත්මක කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

    ඉන් අනතුරුව පෙත්සම ජනවාරි මස 18 වනදා කැඳවන ලෙසත් නියෝග කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202602 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.