Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»සැකසහිත ලෙස රැඳී සිටියදී අත්අඩංගුවට ගත් තරුණයින්ට ඇප
    Local News

    සැකසහිත ලෙස රැඳී සිටියදී අත්අඩංගුවට ගත් තරුණයින්ට ඇප

    By LFNDecember 13, 2023No Comments2 Mins Read109 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ පිහිටි සුඛෝපභෝගී හෝටලයක සැකසහිත ලෙස රැඳීසිටියදී අත්අඩංගුවට ගත් තරුණයින් ට අද (13) ඇප නියම කර තිබේ.

    සැකකරුවන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස ඇප නියම කර ඇත.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙලෙස තරුණයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගත්තේ රුපියල් කෝටි හතහමාරක මුදලක් නීතිවිරෝධී අයුරින් අමෙරිකානු ඩොලර් සමග හුවමාරු කිරීමට ගිය අවස්ථාවකදී බව අනාවරණය වී තිබුණි.

    සැකකරුවන් අද පසුගිය 08 වනදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

    චීන ජාතිකයන් පිරිසක් ගිනි අවි සමග කොළඹ 03 පිහිටි තරු පන්තියේ හෝටලයක රැඳී සිටින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර මහතාට පෞද්ගලික තොරතුරුකරුවකුගෙන් ලද තොරතුරක් අනුව වැටලීම සිදු කෙරුණි.

    ඒ අනුව විමර්ශන කණ්ඩායමක් අදාළ හෝටලයේ පස් වැනි මහල පරීක්ෂා කිරීමේදී එහි සිටි ලාංකික තරුණයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

    ඒ, නීති විරෝධී පිස්තෝලයක් සහ රුපියල් කෝටි හතහමාරක මුදලක් ද සමගිනි.

    නමුත් ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එහි කිසිදු චීන ජාතිකයෙකු රැඳී සිට නැති බව සඳහන්ය.

    සැකකරුවන් පැමිණි අධිසුඛෝපබෝගී මෝටර් රථ දෙකද විමර්ශන නිලධාරීන් සිය භාරයට ගෙන තිබුණි.

    සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ඔවුන් සියලු දෙනාම රාගම ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක සේවකයන් බවය.

    එම ආයතනයෙන් ලබාගත් මුදල් චෙක්පතක් මාරු කර ඔවුන් අදාළ මුදල ලබාගෙන ඇති බවත්, එම මුදල අමෙරිකානු ඩොලර් සමග හුවමාරු කිරීමට රැගෙන පැමිණි බවත් සැකකරුවන් විමර්ශන නිලධාරීන් හමුවේ පවසා තිබේ.

    එමෙන්ම ඔවුන් සතුව තිබූ රුපියල් කෝටි හතහමාරක මුදලින් ඩොලරයක් රුපියල් 316 බැගින් ලබාගෙන නැවත ඩොලරයක් රුපියල් 320කට අලෙවි කිරීමට සූදානමින් සිටි බවටද සැකකරුවන් පවසා ඇති බව වාර්තා විය.

    ඔවුන් සතුව තිබූ පිස්තෝලය ලියාපදිංචි කර ඇති බව පැවසූවද එය තහවුරු කිරීමට ඔවුන්ට හැකි වී නොමැති බව සඳහන්ය.

    අවස්ථා කිහිපයකදී සැකකරුවන් පිරිස එලෙස මුදල් විශුද්ධිකරණ කටයුතු සිදුකර ඇති බවටද විමර්ශන නිලධාරීන් හමුවේ පාපොච්චාරනය කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202600 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.