Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අධික වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් වාන් දමයි

    May 11, 2026

    බටුවත්තේ චාමර දිවයිනට රැගෙන එයි

    May 11, 2026

    යාල්දේවි යළි ගමන් අරඹයි

    May 11, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අසභ්‍ය හස්ත සංඥාවක් සිදුකළ බස් රියදුරා අත්අඩංගුවට
    Featured

    අසභ්‍ය හස්ත සංඥාවක් සිදුකළ බස් රියදුරා අත්අඩංගුවට

    By LFNDecember 12, 2023No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෝටර් රථයක් පදවාගෙන යමින් සිටි කාන්තාවකට අසභ්‍ය හස්ත සංඥාවක් සිදුකළ බව කියන පෞද්ගලික බස් රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලීසිය කියයි.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ග අංක 138 හෝමාගම – පිටකොටුව පෞද්ගලික බස් රථයක රියදුරෙකි.

    පැමිණිලිකාර කාන්තාව සිය 10 හැවිරිදි දියණිය සමග විහාරමහා දේවී උද්‍යානය කරා යෑම සඳහා හයිලෙවල් මාර්ගය ඔස්සේ මෝටර් රථය ධාවනය කරමින් සිටියදී තිඹිරිගස්සයාය හැව්ලොක් පාර ඩික්මන් හන්දිය මාර්ග සංඥා අසලදී මෝටර් රථය නවතා ඇතැයි පොලීසිය කියයි.

    වාහන ඉදිරියට ධාවනය කිරීම සඳහා සංඥා ලැබීමත් සමගම ඇය සිය මෝටර් රථය බස් රථයට ඉස්සර කිරීමේදී ජනේලයෙන් දකුණු අත දමා එම හස්ත සංඥාව පෙන්වා තිබේ.

    අදාළ කාන්තාව ඒ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා උප පොලිස් පරීක්ෂක රෝෂිනි නිලුශිකා සිරිවර්ධන මහත්මිය වෙත පැමිණිලි කර තිබුණි.

    අදාළ සිදුවීම බම්බලපිටිය පොලිස් වසමේ සිදුවී ඇති බැවින් පැමිණිල්ලේ පිටපතක් එම පොලීසිය වෙත ලැබීමෙන් අනතුරුව විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 50ක් වන බෙංගමුවේ පදිංචිකරුවෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අධික වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් වාන් දමයි

    May 11, 2026

    බටුවත්තේ චාමර දිවයිනට රැගෙන එයි

    May 11, 2026

    යාල්දේවි යළි ගමන් අරඹයි

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    අධික වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් වාන් දමයි

    May 11, 202602 Views

    පවතින අධික වර්ෂාපතන තත්ත්වය සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ…

    බටුවත්තේ චාමර දිවයිනට රැගෙන එයි

    May 11, 2026

    යාල්දේවි යළි ගමන් අරඹයි

    May 11, 2026

    දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම්

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.