Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අධික වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් වාන් දමයි

    May 11, 2026

    බටුවත්තේ චාමර දිවයිනට රැගෙන එයි

    May 11, 2026

    යාල්දේවි යළි ගමන් අරඹයි

    May 11, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නීතිඥවරුන්ට බාධා කිරීම ගැන පොලීසිය සහ යුද හමුදාව ශ්‍රේෂ්ඨාධිකරණයට කළ දැනුම්දීම
    Featured

    නීතිඥවරුන්ට බාධා කිරීම ගැන පොලීසිය සහ යුද හමුදාව ශ්‍රේෂ්ඨාධිකරණයට කළ දැනුම්දීම

    By LFNDecember 12, 2023No Comments2 Mins Read150 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2022 වසරේ අරගලය පැවති සමයේ ගාල්ලේ පැවති ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති ටෙස්ට් තරඟාවලිය අතරතුර ගාලු කොටුව ප්‍රදේශයට ඇතුළු වී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ රජයට එරෙහිව විරෝධතාවයක නිරතවීමට සූදානම් වූ නීතිඥවරුන්ට බාධා සිදුකිරීම සම්බන්ධයෙන් පොලීසිය සහ යුද හමුදාව ඊයේ (11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එම නීතිඥවරු වෙත සිය කණගාටුව පළකර සිටියහ.

    එම විරෝධතාවයට සහභාගි වූ නීතිඥවරු 11 දෙනෙකු විසින් ගොනුකළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

    එහි වගඋත්තරකරුවන් ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, යුද හමුදාපතිවරයා, පොලිස්පතිවරයා, ගාල්ල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

    මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුවන් මුහුණ දුන් සිද්ධිය සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් සිය කණගාටුව පළ කරන බව සඳහන් කළාය.

    ඒ අනුව අදාළ පෙත්සම් සමථයට පත් කිරීමට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු එකඟතාවය පළ කළහ.

    ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

    නීතිඥ නලනි කාමලිකා මනතුංග ඇතුළු ගාල්ල ප්‍රදේශයේ පදිංචි නීතිඥවරු 11 දෙනෙකු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

    2022 වසරේ ජූලි මස 01 වනදා ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති ටෙස්ට් තරගාවලිය අතරතුර ගාලු කොටුව ප්‍රදේශයට ඇතුළු වී සාමකාමී විරෝධතාවයක නිරත වීමට තමන් සූදානම් වූ බව පෙත්සම්කරුවෝ පැවසූහ.

    එම අවස්ථාවේදී අදාළ ස්ථානයට කඩා වැදුණු පොලිස් සහ හමුදා නිලධාරීන් විරෝධතා පුවරු බලහත්කාරයෙන් ඉවත් කරමින් සාමකාමී උද්ඝෝෂණයට බාධා සිදුකළ බවත් පෙත්සන්කරුවෝ චෝදනා කළහ.

    මේ තුළින් නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ මූලික මිනිස් අයිතිය ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන පහක වන්දියක් වගඋත්තරකරුවන් ගෙන් අය කර දෙන ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අධික වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් වාන් දමයි

    May 11, 2026

    බටුවත්තේ චාමර දිවයිනට රැගෙන එයි

    May 11, 2026

    යාල්දේවි යළි ගමන් අරඹයි

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    අධික වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් වාන් දමයි

    May 11, 202602 Views

    පවතින අධික වර්ෂාපතන තත්ත්වය සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ…

    බටුවත්තේ චාමර දිවයිනට රැගෙන එයි

    May 11, 2026

    යාල්දේවි යළි ගමන් අරඹයි

    May 11, 2026

    දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම්

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.