Close Menu
Lanka Focus News
    What's Hot

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහරගමට යන එන හැමෝම පීඩාවට පත්කළ දැඩි දුර්ගන්ධය
    Featured

    මහරගමට යන එන හැමෝම පීඩාවට පත්කළ දැඩි දුර්ගන්ධය

    By LFNDecember 11, 2023No Comments2 Mins Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දිනපතා පැමිණෙන මහරගම නගරයේ පොදු වැසිකිළි පද්ධතිය නිසි නඩත්තුවක් නොමැති වීමෙන් පසුගිය දින කිහිපය පුරා උතුරා යමින් තිබූ බව වාර්තා විය.

    දිගු කාලයක සිට පවතින මෙම ගැටලුව හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටී.

    ඉතා ජනාකීර්ණ නගරයක් වන මහරගම දිනපතා විශාල පිරිසක් සිය අවශ්‍යතාවන් ඉටුකර ගැනීම සඳහා පැමිණෙන නගරයකි.

    මේ එලෙස නරගයට පැමිණෙන ජනතාවට සිය ශාරිරික අවශ්‍යතාවන් ඉටුකර ගැනීම සඳහා ඉදිකර ඇති පොදු වැසිකිළි පද්ධතිය ඉතාමත් අපිරිසිදු තත්ත්වයක පවතින බව ජනතාව චෝදනා කරයි.

    වසර කිහිපයකට ඉහතදී රුපියල් කෝටි එකහමාරක මුදලක් වැය කරමින් මෙම වැසිකිළි පද්ධතිය ප්‍රතිසංස්කරණය කර තිබුණත් නිසි නඩත්තුවක් නොමැති වීම හේතුවෙන් වැසිකිළි පද්ධතිය භාවිතය අපහසු වී තිබේ.

    නගරවාසීන් පවසන්නේ මහ වැස්සත් සමග වැසිකිළියේ මළ අපද්‍රව්‍ය උතුරා ගොස් ඒවා නගරයේ කාණු පද්ධතිය හා එක් වී ඇති බවය.

    මේ හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව මේවන විට පවතින්නේ දැඩි දුර්ගන්ධයකි.

    වෙළඳුන් පවසන්නේ මේ හේතුවෙන් මහරගම පොදුවෙළෙඳපොලේ වෙළෙඳාම් කටයුතු සිදුකිරීමද කිරීම ද දුෂ්කර වී ඇති බවය.

    වඩාත් කණගාටුවට කරුණ නම් වැසිකිළි පද්ධතියට ඉතා ආසන්නේ පිහිටි මහරගම නගරසභාව ඒ සඳහා කිසිදු පියවරක් නොගැනීමය.

    නගර සභාවේ ගලි බවුසර් තුනම මේවන විට අබලන් වී ඇති බවට පවසමින් මෙම ගැටළුවට විසඳුම් ලබාදීම දිනෙන් දින බලධාරින් කල් දමන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මහරගම නගර සභාවේ බලතල හා කාර්ය සාධනය පිළිබඳ ලේකම් අරුණ ඩයස් මහතාගෙන් අපකළ විමසුමකදී ඔහු සඳහන් කළේ මේවන විට වැසිකිළි පද්ධතියේ අපද්‍රව්‍ය ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 202604 Views

    තංගල්ල පොලිස් වසමේ මහගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ පහරකෑමෙන්…

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.