Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    NPP මන්ත්‍රීවරියගේ විදුහල්පති සැමියා රඳවාගෙන ප්‍රශ්න කරයි

    November 6, 2025

    පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

    November 6, 2025

    වැලිගම නව සභාපති තේරීමට දින දෙයි

    November 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඝාතනයකට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    Featured

    ඝාතනයකට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    By LFNDecember 11, 2023No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වත්තල හෝටලයක් තුළදී සිදුකළ මනුෂ්‍ය ඝාතන සිද්ධියකට අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 21 හා 23 අතර පසුවන සත්හිරු සෙවණ මෝදර සහ මිහිජය සෙවණ කොළඹ 15 යන මහල් නිවාසවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

    කලක පටන් සංවිධානාත්මක අපරාධකරුවන් දෙපිරිසක් අතර ඇතිව තිබෙන ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව තිබේ.

    කෙසේ වෙතත් මෙලෙස ඝාතනයට ලක්ව ඇති හෝටල් සේවකයා කිසිදු අපරාධයකට සම්බන්ධ පුද්ගලයෙකු නොවන බවත් ඔහු විශ්‍රාමික යුද යමුදා සෙබළෙකු බවත් අනාවරණය වී තිබේ.

    කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා ඇතුළු කණ්ඩායමක් බොරැල්ල ප්‍රදේශයේ සිදු කළ සංචාරයේදී යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයන් දෙදෙනකු පලායාමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන සිදුකළ පරික්ෂාවේදී ඔවුන් සන්තකයේ තිබී මිලිග්‍රෑම් 11,514ක මත්කුඩු පාර්සලයක් සොයාගෙන ඇත.

    අනතුරුව ඔවුන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීමට හැකිව තිබේ.

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන වැල්ලේ සාරංග සහ සේදවත්තේ කසුන් යන පුද්ගලයින් සමග මෝදර නිපුණ සහ රජමල්වත්තේ චාමර යන පුද්ගලයින් මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් කලක සිට ඇතිකරගෙන ඇති ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බවද එහිදී සඳහන් ව තිබේ.

    විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මෝදර නිපුණ සහ රජමල් වත්තේ චාමර යන අයගේ උපදෙස් මත හේනමුල්ල මහල් නිවාස සංකීර්ණයේ ෂෙහාන් නමැති අයෙකු විසින් මෙම පුද්ගලයින් යොදවා ඝාතනය මෙහෙයවා ඇති බවය.

    සේදවත්තේ කසුන් නමැත්තාට අයත් හෝටලයක් තුළදී මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචිව සිටි සේනපාල හෙට්ටිආරච්චි නමැති 58 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි.

    ඝාතනය සඳහා යොදාගත් එක් කඩුවක් කොළඹ 15 මිහි ජය සෙවණ සැකකරුවකුගේ නිවසේ සඟවා තිබියදී පොලිස් භාරයට ගෙන ඇති අතර පොලීසිය පවසන්නේ ඝාතකයන් හැඳ සිටි බවට සැක ලේ තැවරුණු ඇඳුමක් ද සොයාගෙන ඇති බවය.

    කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    NPP මන්ත්‍රීවරියගේ විදුහල්පති සැමියා රඳවාගෙන ප්‍රශ්න කරයි

    November 6, 2025

    පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

    November 6, 2025

    වැලිගම නව සභාපති තේරීමට දින දෙයි

    November 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,391 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,338 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    NPP මන්ත්‍රීවරියගේ විදුහල්පති සැමියා රඳවාගෙන ප්‍රශ්න කරයි

    November 6, 20250111 Views

    අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා එළඹෙන 12 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට තඹුත්තේගම…

    පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

    November 6, 2025

    වැලිගම නව සභාපති තේරීමට දින දෙයි

    November 6, 2025

    2026 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

    November 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.