Close Menu
Lanka Focus News
    What's Hot

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඝාතනයකට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    Featured

    ඝාතනයකට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    By LFNDecember 11, 2023No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වත්තල හෝටලයක් තුළදී සිදුකළ මනුෂ්‍ය ඝාතන සිද්ධියකට අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 21 හා 23 අතර පසුවන සත්හිරු සෙවණ මෝදර සහ මිහිජය සෙවණ කොළඹ 15 යන මහල් නිවාසවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

    කලක පටන් සංවිධානාත්මක අපරාධකරුවන් දෙපිරිසක් අතර ඇතිව තිබෙන ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව තිබේ.

    කෙසේ වෙතත් මෙලෙස ඝාතනයට ලක්ව ඇති හෝටල් සේවකයා කිසිදු අපරාධයකට සම්බන්ධ පුද්ගලයෙකු නොවන බවත් ඔහු විශ්‍රාමික යුද යමුදා සෙබළෙකු බවත් අනාවරණය වී තිබේ.

    කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා ඇතුළු කණ්ඩායමක් බොරැල්ල ප්‍රදේශයේ සිදු කළ සංචාරයේදී යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයන් දෙදෙනකු පලායාමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන සිදුකළ පරික්ෂාවේදී ඔවුන් සන්තකයේ තිබී මිලිග්‍රෑම් 11,514ක මත්කුඩු පාර්සලයක් සොයාගෙන ඇත.

    අනතුරුව ඔවුන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීමට හැකිව තිබේ.

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන වැල්ලේ සාරංග සහ සේදවත්තේ කසුන් යන පුද්ගලයින් සමග මෝදර නිපුණ සහ රජමල්වත්තේ චාමර යන පුද්ගලයින් මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් කලක සිට ඇතිකරගෙන ඇති ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බවද එහිදී සඳහන් ව තිබේ.

    විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මෝදර නිපුණ සහ රජමල් වත්තේ චාමර යන අයගේ උපදෙස් මත හේනමුල්ල මහල් නිවාස සංකීර්ණයේ ෂෙහාන් නමැති අයෙකු විසින් මෙම පුද්ගලයින් යොදවා ඝාතනය මෙහෙයවා ඇති බවය.

    සේදවත්තේ කසුන් නමැත්තාට අයත් හෝටලයක් තුළදී මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචිව සිටි සේනපාල හෙට්ටිආරච්චි නමැති 58 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි.

    ඝාතනය සඳහා යොදාගත් එක් කඩුවක් කොළඹ 15 මිහි ජය සෙවණ සැකකරුවකුගේ නිවසේ සඟවා තිබියදී පොලිස් භාරයට ගෙන ඇති අතර පොලීසිය පවසන්නේ ඝාතකයන් හැඳ සිටි බවට සැක ලේ තැවරුණු ඇඳුමක් ද සොයාගෙන ඇති බවය.

    කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 202604 Views

    තංගල්ල පොලිස් වසමේ මහගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ පහරකෑමෙන්…

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.