බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට බලංගොඩ පින්නවල ප්‍රදේශයේදී විශාල පස් කන්දක් කඩාවැයී තිබේ.
ඒ හේතුවෙන් අද (08) අලුයම සිට එම මාර්ගයේ වාහන ගමනාගමනයට සම්පුර්ණයෙන්ම බාධා එල්ලවී ඇත.
පින්නවල නගරයට මීටර් 100ක් පමණ ආසන්නයෙන් මෙම නායයෑම සිදුවී ඇති බව අප වාර්තාකරු පැවසීය.
ප්‍රදේශයට ඊයේ (07) රාත්‍රියේ පැවැති අධික වර්ෂාවත් සමග මෙලෙස නායයෑමක් සිදුවී තිබේ.