Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»විද්‍යුත් වාහන ගැන අලුත් කතාවක්
    Business

    විද්‍යුත් වාහන ගැන අලුත් කතාවක්

    By LFNDecember 8, 2023No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ෆොසිල ඉන්ධන යුගයේ අවසානය කරා ලෝකය යොමුවෙද්දී EV නැත්නම් විද්‍යුත් වාහන භාවිතය ලොව පුරා ප්‍රචලිතවෙමින් පවතින බව රොයිටර්ස් පුවත් සේවය අනාවරණය කරයි.

    ලෝකයේ රටවල් රැසක් මේ වනවිට කාලගුණ විපර්යාසවලට මුහුණ දෙමින් සිටීම නිසා පොසිල ඉන්ධන භාවිතය අවම කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇත.

    මේ පිළිබඳව පසුගියදා ඩුබායිහි පැවති COP28 සමුළුවේදී සාකච්ඡාවට ගැනුණි.

    කෙසේ වුවද ප්‍රංශය මූලික කරගත් ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය පුරෝකථනය කරන්නේ, මෙම දශකය අවසානය වනවිට ලෝක ඉන්ධන පරිභෝජනය එහි උච්චතම අගය සටහන් කරනු ඇති බවය.

    එය දෛනිකව ඉන්ධන බැරල් මිලියන 103ක් වනු ඇතැයි පැවසෙයි.

    ප්‍රවාහනය, ලොව ඉන්ධන ඉල්ලුමෙන් සියයට 60කට හේතුවී තිබේ.

    අමෙරිකාවේ ඉන්ධන ඉල්ලුමෙන් ප්‍රවාහනය සඳහා වන ඉන්ධන ඉල්ලුම් ප්‍රතිශතයක් ලෙස සියයට 10කි.

    කෙසේ වුවද ඉදිරියේ දී මෙම ඉල්ලුම් පහත වැටෙනු ඇතැයි ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය අපේක්ෂා කරයි.

    ඔවුන් 2030 වසර වනවිට දෛනිකව තෙල් බැරල් මිලියන 5ක අවමවීමක් අපේක්ෂා කරන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

    ඒ විද්‍යුත් වාහන සඳහා වන ඉල්ලුම ක්‍රමයෙන් ඉහළ යාම හේතුවෙනි.

    මේ වනවිට ලොව වාහන ඉල්ලුමෙන් විද්‍යුත් වාහන සඳහා වන ඉල්ලුම් සියයට 30කි.

    මෙම දශකය අවසානය වනවිට එය සියයට 40ත් 45ත් අතර අගයත් දක්වා ඉහළ යනු ඇතැයි ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය අපේක්ෂා කරයි.

    2015 ප්‍රංශ සම්මුතිය වන්නේ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ක් ඇතුළත පවත්වාගෙන යාමට ය.

    කෙසේ වුවද ප්‍රංශ සම්මුතියට අනුව, ගෝලීය උෂ්ණත්වය සීමා කිරීම සඳහා වන එම අරමුණ ඉටුකර ගැනීම සඳහා 2030 වනවිට විද්‍යුත් වාහන සඳහා වන ඉල්ලුම තවත් ඉහළ යායුතු බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ අපේක්ෂාව වෙයි.

    විද්‍යුත් වාහනවල මිල සහ ආරෝපණ මධ්‍යස්ථාන ප්‍රමාණය මත විද්‍යුත් වාහන සඳහා වන ඉල්ලුම් රඳා පවතී.

    චීනය සැලකෙන්නේ එම සාධක දෙකෙන්ම පිරිපුන් රටක් ලෙසට ය.

    චීනයේ විද්‍යුත් වාහනයක සාමාන්‍ය මිල ඩොලර් 33, 964කි.

    අමෙරිකාවේ විද්‍යුත් වාහනයක මිල ඩොලර් 53,000 ඉක්මවයි.

    එමෙන්ම, අමෙරිකාවේ ඇති ආරෝපණ මධ්‍යස්ථාන ගණන 52,000ක් පමණක් වන අතර චීනයේ ආරෝපණ මධ්‍යස්ථාන ගණන මිලියනයකට අධික ය.

    ඒ අනුව ඉදිරියේදී චීනය, ලෝක විද්‍යුත් වාහන වෙළෙඳපොලේ ප්‍රමුඛත්වය ගනු ඇතැයි අපේක්ෂිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලෝක වෙළෙඳපොළේ කෝපි මිල ශීඝ්‍රයෙන් ඉහළට

    May 28, 2026

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 2026

    මුදල් ප්‍රතිපත්තිය ඉහළට

    May 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.