රට තුළට රැගෙන ඒමට සූදානම් කර තිබූ පාර්සල කිහිපයක තිබී විශාල මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.
ඒ, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද (07) සිදුකළ මෙහෙයුමකදීය.
කුෂ් මත්ද්‍රව්‍ය, අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති තොගයක් එහි තිබී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය භාරයට ගෙන ඇත.
වැඩිදුරටත් වාර්තා වෙන්නේ එම මත්ද්‍රව්‍ය අමෙරිකාව, කැනඩාව, ප්‍රංශය ඇතුළු යුරෝපා රටවලින් පැමිණෙන්නට ඇති බවය.
කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8ක්, අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති අඩංගු පාර්සල් 7ක් එලෙස එවා තිබේ.