කොළඹ නෙළුම් කුලුනේ කැරකෙන අවන්හල දෙසැම්බර් 09වැනිදා යළි විවෘත කෙරේ.
දකුණු ආසියාවේ උසම ස්ථානයක පිහිටි පළමු කැරකෙන අවන්හල වන මෙම අවන්හල දෙස් විදෙස් බොහෝ දෙනෙකුට නවමු අත්දැකීමක් ලබා දෙනු ඇත.
මෙම අවන්හල තුළ එක් වරකදී 225ත් – 250ත් අතර පිරිසකට රැඳී සිටීමේ හැකියාව පවති.එය (09) වැනිදා රාත්‍රී 7.30ට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන බව ආයෝජන ප්‍රවර්’ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම සඳහන් කරයි.
මෙම අවන්හල දිවා සහ රාත්‍රි ආහාර පාන ලබා ගැනීම වෙනුවෙන් විවෘත වේ. ඒ අනුව දිවා ආහාරය සඳහා පෙරවරු 11.00 සිට පස්වරු 3.30 දක්වාත් රාත්‍රි ආහාරය සඳහා පස්වරු 6.30 සිට රාත්‍රි 11.30 දක්වා ද කැරකෙන අවන්හල විවෘතව තැබේ.