Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කල්බදු සමාගමක සීසර්ලා වාහනහිමියෙකුට කළ අපරාධය

    July 4, 2025

    විදුලි ගාස්තු ගැලපීමෙන් IMF වාරිකයට සහායක්

    July 4, 2025

    ලුණුවිල ප්‍රදේශයේ තිබී මළසිරුරක් සොයාගනී

    July 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»චණ්ඩ සුළි කුණාටුවෙන් ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට දැඩි බලපෑම්
    International

    චණ්ඩ සුළි කුණාටුවෙන් ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට දැඩි බලපෑම්

    By LFNDecember 6, 2023No Comments1 Min Read103 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බටහිර – මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මිජවුම්” චණ්ඩ සුළි කුණාටුවෙන් අද ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට බලපෑම් එල්ල වුණා.

    සුළි කුණාටුවේ බලපෑමෙන් ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වී ඇති මරණ ගණන 9කි.

    බටහිර – මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති මිජවුම් සුළි කුණාටුවෙන් ඉන්දියාවේ දකුණු වෙරළ තීරය ආශ්‍රිත පෙදෙස්වලට එල්ල වන්නේ දැඩි බලපෑමකි.

    පැයට කිලෝමීටර 90ත් 100ත් අතර සුළගේ වේගයක් වාර්තා කරමින් මිජවුම් සුළි කුණාටුව අද ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරයෙන් රට තුළට ඇතුළුවී තිබුණි.

    එහි බලපෑමෙන් ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ඇතැම් නගර ජලයෙන් යටවිය.

    ඉදිරි පැය 24 තුළ ආන්ද්‍රා ප්‍රාන්තයෙන් මිලිමීටර 200 ඉක්මවූ වර්ෂාපතනයක් වාර්තා වනු ඇතැයි අපේක්ෂිතය.

    ආන්ද්‍රා ප්‍රදේශ් සහ තමිල්නාඩු ප්‍රාන්තවල පහත් බිම්වල වාසය කරන දහස් ගණනක් ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමටද බලධාරීන් කටයුතු කර තිබුණි.

    ඔවුන් වෙනුවෙන් සහන කඳවුරු 300ක් සූදානම් කර ඇතැයි සඳහන්ය.

    මේ අතර, අධික වැස්සෙන් ප්‍රාන්තයේ දෛනික කටයුතු ඇනහිටීම හේතුවෙන් තමිල්නාඩු ප්‍රාන්තයට ඊයේ දිනක නිවාඩුවක් ලබාදී තිබුණි.

    එය තවත් දිනකින් දීර්ඝ කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

    මේ අතර, මිජවුම් සුළි කුණාටුවේ බලපෑමෙන් චෙන්නායි නගරයට ඇදහැලුනු වර්ෂාව මේ වනවිට අඩුවෙමින් පවතී.

    නගරයට ඇදහැලුනු වර්ෂාව වාර්තා අතරට එක් වූයේ වසර 80කින් පමණ පසු නගරයෙන් වාර්තා වූ ඉහළම වර්ෂාපතනය ලෙසය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මිනිත්තු 10කදී අඩි 26,000ක් පහළ වැටුණු යානය

    July 3, 2025

    ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර මාලාවක් – 60කට වැඩි පිරිසක් මරුට

    July 1, 2025

    පාකිස්තානයට සැර වැසි – ජීවිත 45ක් අහිමිවෙයි

    June 30, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,310 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,505 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,937 Views
    Don't Miss

    කල්බදු සමාගමක සීසර්ලා වාහනහිමියෙකුට කළ අපරාධය

    July 4, 20250121 Views

    පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදී ඔහුගේ රථය කල්බදු සමාගමක සීසර්වරුන් පිරිසක් විසින් පැහැරගෙන යෑමේ සිදුවීමක් රාගම…

    විදුලි ගාස්තු ගැලපීමෙන් IMF වාරිකයට සහායක්

    July 4, 2025

    ලුණුවිල ප්‍රදේශයේ තිබී මළසිරුරක් සොයාගනී

    July 4, 2025

    රාගම බටුවත්තේ වෙඩිතැබීමක්

    July 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.