Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හොර ආදායම් බලපත්‍ර හැදූ පුද්ගලයෙක් කොටුවෙයි
    Featured

    හොර ආදායම් බලපත්‍ර හැදූ පුද්ගලයෙක් කොටුවෙයි

    By LFNDecember 5, 2023No Comments1 Min Read138 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුපියල් 5,000ක මුදලකට වාහන ආදායම් බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කළ බව කියන තැරව්කාර පුද්ගලයකු මෙම මස 12 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (4) නියෝග කළේය.

    මහල් නිවාස, ස්ටේට් පාර, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණි.

    ත්‍රිරෝද රථයකින් මාළිගාවත්ත ප්‍රදේශයට දිනපතාම පැමිණ ඇති මෙම පුද්ගලයා එම ප්‍රදේශයේ වාහනවලින් යන එන පුද්ගලයන් පිළිබඳව විමසිලිමත් වෙමින් ඔවුන්ට රුපියල් 5,000 ක මුදලකට ව්‍යාජ ආදායම් බලපත්‍ර සකස් කරදී ඇති බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

    සැකකාර පුද්ගලයා වාහන සඳහා ව්‍යාජ ආදායම් බලපත්‍ර සකස් කරන බවට රත්මලාන ගුවන් හමුදා කඳවරේ බුද්ධි අංශ නිලධාරියෙකුට දැනගැනීමට ලැබී ඇති බවත් ඒ අනුව ඔහු උපාය දූතයකු වශයෙන් මෙම සැකකාර පුද්ගලයා වෙත ගොස් රුපියල් 5,000 ක් ලබාදී ආදායම් බලපත්‍රයක් සකස් කර ගැනීමට කතිකා කරගෙන ඇති බවද අධිකරණයේදි හෙළිවිය.

    පසුව අදාළ බුද්ධි අංශ නිලධාරියා මේ පිළිබඳව මාළිගාවත්ත පොලීසිය වෙත කළ දැනුම්දීමක ප්‍රතිඵලයක් වශයෙන් පොලීසිය සිදුකළ රහසිගත මෙහෙයුමකින් පසුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඔහු සතුව තිබූ ව්‍යාජ වාහන ආදායම් බලපත්‍ර තුනක් සොයා ගත් බව පැමිණිල්ල මෙහෙයවූ මාළිගාවත්ත පොලීසිය අධිකරණයට දැන්වීය.

    මෙම සිද්ධියේ මහමොළකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා මෙම සිද්ධියේ ඉදිරි කටයුතු පොලිස් වංචා විමර්ශන අංශයට භාරදීමට නියෝගයක් ලබාදෙන ලෙස පොලීසිය කළ ඉල්ලීමකට අධිකරණයෙන් අවසර හිමිවිය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.