Close Menu
Lanka Focus News
    What's Hot

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සියලුම පාසල් සිසුන්ට සුබ ආරංචියක්
    Featured

    සියලුම පාසල් සිසුන්ට සුබ ආරංචියක්

    By LFNDecember 5, 2023No Comments2 Mins Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාසල් ශ්‍රේණි සංඛ්‍යාව 13 සිට 12 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බව යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එළිදක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ සෑම දරුවෙකුටම අවරුදු 17න් පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව සැලසෙනු ඇති.

    එමෙන්ම පෙර පාසැල් අධ්‍යපනය වයස අවුරුදු 4 දීත්, ප්‍රථමික අංශය 1-5 දක්වාත්, කනිෂ්ඨ අංශය 6-8 ලෙසත්, ජ්‍යේෂ්ඨ අංශය 9 වසරේ සිට 12 වසර දක්වා ලෙස වර්ගීකරණය කර ඇත.

    පහ ශිෂ්‍යත්ව විභාග‍ය සඳහා පාසැල් පාදක ඇගයීම්වලින් යම් ප්‍රතිශතයක්ද, විභාග මගින් යම් ප්‍රතිශතයක්ද ලෙස ලකුණු ලබාදීමට යෝජනා කර ඇති අතර, පහ ශිෂ්‍යත්ව විභාගය සරල කර තරගකාරීත්වය නැති කිරීමටද අධ්‍යාපන අමාත්‍යාංශය යෝජනා කර තිබේ.

    එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදීත් උසස් පෙළ විභාගය 12 වසරේදීත් පැවැත්වීමට, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ අධ්‍යාපන අමත්‍යාංශය යෝජනා කර ඇත.

    එහිදී දැනට සාමාන්‍ය පෙළ විභාගය සඳහා පවතින විෂයන් සංඛ්‍යාව 9 සිට 7 දක්වා අඩු කිරීමට තීරණය කර ඇත අතර එම විෂයන් 7 තුළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය (ICT), තාක්ෂණික හා වෘත්තීය කුසලතා සහ ආගමික හා සාරධර්ම යන නව විෂයන් ත්‍රිත්වය හැදෑරීම අනිවාර්ය කිරීමට යෝජනා කර තිබේ.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අනුව සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් කිසිදු දරුවෙකු අසමත් නොවන බවත් සියලු දරුවන්ට වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථාව සලසාදීමට යෝජනා කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    ඒ වෙනුවෙන් උසස් පෙළ විෂයන් ශාස්ත්‍රීය අධ්‍යනය හා වෘත්තීය අධ්‍යයනය ලෙස කාණ්ඩ දෙකකට වර්ගීකරණය කොට සෑම දරුවෙකුටම උපාධියක් ලබාගැනීම දක්වා මාර්ගයක් සකස් කර ඇත.

    ශාස්ත්‍රීය අධ්‍යයනය යටතේ දැනට පවතින විෂය අංශයන් 6 සිට 8 දක්වා වැඩි කරමින් නව විෂය අංශ දෙකක් එක්කොට ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන ලදී.

    එමෙන්ම ප්‍රයෝගික අධ්‍යනය යටතේ විෂය අංශයන් 10ක් ඔස්සේ දරුවන්ට අධ්‍යාපනය ලැබීම අවස්ථාව ලබෙන බවත් ඒ ඔස්සේ උපාධි නොවන ක්‍ෂේත්‍ර ඔස්සේ යමින් උපාධි ලබාගැනීමේ අවස්ථාව දරුවන්ට ලැබෙන බවද එම අමාත්‍යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 202604 Views

    තංගල්ල පොලිස් වසමේ මහගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ පහරකෑමෙන්…

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.