Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කල්මුණේ පරිවාස නිවාසයේ පාලිකාවට අධිකරණය දුන් නියෝගය
    Featured

    කල්මුණේ පරිවාස නිවාසයේ පාලිකාවට අධිකරණය දුන් නියෝගය

    By LFNDecember 4, 2023No Comments2 Mins Read142 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කල්මුණේ ප්‍රදේශයේදී 14 හැවිරිදි දරුවෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ළමා නිවාසයේ පාලිකාව අද දිනය දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

    සැකකාර කාන්තාව කල්මුණේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

    කල්මුණේ, පරිවාස දෙපාර්තමේන්තු ළමාරක්ෂක නිවාසයක ප්‍රධාන පාලිකාව සිදුකළ පහරදීමක් හේතුවෙන් එහි රඳවා සිටි 14 හැවිරිදි දරුවෙකු මියගියේය.

    අත්අඩංගුවට ගත් 28 හැවිරිදි ප්‍රධාන පාලිකාව පාපොච්චාරණය කර ඇත්තේ, දරුවාගේ මුරණ්ඩුකම් නතරකිරීමේ අරමුණෙන් ඔහුට පහරදුන් බවයි.

    කල්මුණේ ඉස්ලාමාබාද්හි පිහිටි පරිවාස දෙපාර්තමේන්තු ළමාරක්ෂක නිවාසයේ රඳවා සිටි මෙම දරුවා නොවැම්බර් 30 වනදා අලුයම් කාලයේ සිහිසුන්ව කාමරයක වැටී සිටින බවට කල්මුණේ පොලිසියට තොරතුරක් ලැබී තිබුණි.

    ඒ අනුව පොලිස් නිලධාරින් වහාම එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී දරුවා මිය ගොස් ඇතැයි තහවුරුවී තිබුණි.

    දරුවාගේ ඥාතීන් මරණය පිළිබඳ සැක පළකළේ මියගිය දරුවාගේ සිරුරෙහි වූ තුවාල කිහිපයක් නිරීක්ෂණය වීම හේතුවෙනි.

    පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරියාවරයාගේ නිගමනය වූයේ මොට ආයුධයකින් පහරදිම නිසා දරුවාගේ සිරුරේ තුවාල හටගෙන තිබූ අතර අභ්‍යන්තර තුවාල හේතුවෙන් මරණය සිදුව ඇති බවය.

    ඒ අනුව මනුෂ්‍ය ඝාතනයකට අදාළව ළමාරක්ෂක නිවාසයේ ප්‍රධාන පාලිකාව ඊයේ කල්මුණේ පොලිස් ස්ථානයට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගැණුනි.

    ඇය ත්‍රිකුණාමලයේ පදිංචි කාන්තාවකි.

    ඝාතනය ලක්වූ ඒ.ටී දර්ශන නැමැති 14 හැවිරිදි දරුවා මඩකලපුව ප්‍රදේශයේ කෝවිලක භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නොවැම්බර් 16 වැනිදා අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පරිවාස භාරයට පත්කර තිබුණි.

    ඔහු පසුගිය දින කිහිපය පුරා මුරණ්ඩු ආකාරයට හැසිරී ඇති නිසා එය නතර කිරීමට තමන් පහරදුන් බව පාලිකාව පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.

    මේ අතර මියගිය දරුවාගේ දේහය රැගෙන ඔහුගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් අද පස්වරුවේ කොකුවිල් පොලිසිය ඉදිරිපිට මෙලෙස විරෝධතාවයකද නිරත විය.

    අනතුරුව දේහය පිළිබඳ අවසන් කටයුතු කොකුවිල් පොදු සුසාන භූමියේදී සිදුකෙරුනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.