Close Menu
Lanka Focus News
    What's Hot

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අධිකරණයේ නඩු භාණ්ඩ සොරකමට 5ක් කොටුවෙයි
    Featured

    අධිකරණයේ නඩු භාණ්ඩ සොරකමට 5ක් කොටුවෙයි

    By LFNDecember 4, 2023No Comments2 Mins Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ හෙරොයින් සහ ගිනි අවි සොරකමට අදාළව සැකකරුවන් 5ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සිදුකළ විමර්ශනයකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවයේ නිරත බහු කාර්ය සංවර්ධන නිලධාරීන් තිදෙනෙකුද සිටින බව පොලීසිය පවසයි.

    නඩු භාණ්ඩ කාමරයේ තිබූ භාණ්ඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජූලි මස 12 වනදා අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණි.

    ඒ අනුව සිදුකළ විමර්ශනයේදී නොවැම්බර් මස 26 වනදා සහ 28 වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවයේ නිරත බහු කාර්ය සංවර්ධන නිලධාරීන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 21 සහ 29 හැවිරිදි වියේ පසුවන මාතර නාවිමන සහ කැකණදුර ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

    සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවයේ නිරත තවත් පුද්ගලයෙකු මෙම සිදුවීමට සම්බන්ධව ඇති බව අනාවරණය වී තිබේ.

    ඒ අනුව සිද්ධියට සම්බන්ධ 27 හැවිරිදි වියේ පසුවන තුඩාව ප්‍රදේශයේ පදිංචි අධිකරණයේ සේවයේ නිරත බහු කාර්ය සංවර්ධන නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    මෙහිදී මෙම සැකකරුවන් විසින් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ T56 වර්ගයේ ගිනි අවියක් සහ රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සොරකම් කර තිබේ.

    ඉන් රිවෝල්වර් වර්ගයේ ගිනි අවිය තවත් පුද්ගලයෙකු හා සම්බන්ධ වී රුපියල් 280,000ක මුදලකට අලෙවි කර තිබේ.

    ඊට සම්බන්ධ අනෙක් පුද්ගලයාද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 37 හැවිරිදි වියේ පසුවන තුඩාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    එසේම රිවෝල්වර් වර්ගයේ ගිනි අවිය මිලදීගත් 32 හැවිරිදි වියේ පසුවන සැකකරු ද විමර්ශන අතරතුරදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ අතර සැකකරුවන් විසින් සොරකම් කර ඇති T56 වර්ගයේ ගිනි අවිය පසුගිය අගෝස්තු මස 08 වනදා දික්වැල්ල පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සඳහා භාවිත කරන ලද ගිනි අවිය බවටද හෙළිවී ඇත.

    මෙම ගිනි අවියද සැකකරුවන් විසින් රුපියල් 250,000ක මුදලකට අලෙවි කර ඇති අතර එය මිලදීගත් පුද්ගලයා සොයා මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    මින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අධිකරණයේ සේවයේ නිරතව සිටි බහු කාර්ය සංවර්ධන නිලධාරීන් තිදෙනා මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරයි.

    අනෙක් සැකකරුවන් දෙදෙනා මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 15 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 202604 Views

    තංගල්ල පොලිස් වසමේ මහගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ පහරකෑමෙන්…

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.