Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු ජනපති මහින්ද හෙට අල්ලස් කොමිසම හමුවට

    May 11, 2026

    ගංවතුරට ගලේවෙල ග්‍රාම සේවා වසම් 14ක පවුල් රැසක් අවතැන්

    May 11, 2026

    අමෙරිකාවට මත්ස්‍ය අපනයනය සඳහා පනවා තිබූ බාධා ඉවත් වෙයි

    May 11, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බන්ධනාගාරයේ ගැටුමකින් රැඳවියෙක් මරුට
    Featured

    බන්ධනාගාරයේ ගැටුමකින් රැඳවියෙක් මරුට

    By LFNDecember 2, 2023No Comments1 Min Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බන්ධනාගාර රැඳවියෙකු එහි තවත් රැඳවියන් පිරිසකගේ පහරකෑමට ලක්වී මියගොස් ඇත.

    සිද්ධියෙන් මියගොස් ඇත්තේ, කොක්කඩිචෝලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 46 හැවිරිදි එස්. තුරෙයිරාසා නමැති අයෙක් වන අතර මඩකලපුව බන්ධනාගාරයේදී සිද්ධිය ඇතිවී තිබේ.

    නීතිවිරෝධී මත්පැන් නඩුවකට අදාළව අධිකරණය මගහැරීම හේතුවෙන් වරෙන්තු ලැබ සිටි මියගිය පුද්ගලයා කොක්කඩිචෝලේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

    ඔහු එහි සිරමැදිරියක රඳවා සිටියදී එහි සිටි සෙසු රැඳවියන් 8දෙනා සමග ගැටුමක් ඇති කරගෙන තිබෙන බව පොලීසිය සඳහන් කළේය.

    එහිදී සෙසු රැඳවියන් සිදුකළ පහරදීම නිසා තුවාල ලැබූ අදාළ රැඳවියාව බන්ධනාගාර නිලධාරීන් විසින් මඩකලපුව රෝහලට ඇතුළත් කර තිබේ.

    එහි ප්‍රතිකාර ලබමින් සිටියදී රැඳවියා මියගොස් ඇත.

    මෙම මරණය සම්බන්ධයෙන් මඩකලපුව රෝහලේදී පසුගිය 30 වනදා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර මෙය මොට ආයුධයකින් පහරදීමෙන් සිදුවූ මරණයක් බවට එහිදී තහවුරුවූ බව පොලීසිය පවසයි.

    මෙම පහරදීම සිදුකළ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඉදිරියේදී අධිකරණ නියෝගයක් ලබාගෙන මියගිය රැඳවියා සමග සිරමැදිරියේ සිටි රැඳවියන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගංවතුරට ගලේවෙල ග්‍රාම සේවා වසම් 14ක පවුල් රැසක් අවතැන්

    May 11, 2026

    අමෙරිකාවට මත්ස්‍ය අපනයනය සඳහා පනවා තිබූ බාධා ඉවත් වෙයි

    May 11, 2026

    පොහොර බෙදාහැරීමට පෞද්ගලික අංශය යොදා ගැනීමට රජයෙන් තීරණයක්

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    හිටපු ජනපති මහින්ද හෙට අල්ලස් කොමිසම හමුවට

    May 11, 202606 Views

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (12) දිනයේදී අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව මහින්ද…

    ගංවතුරට ගලේවෙල ග්‍රාම සේවා වසම් 14ක පවුල් රැසක් අවතැන්

    May 11, 2026

    අමෙරිකාවට මත්ස්‍ය අපනයනය සඳහා පනවා තිබූ බාධා ඉවත් වෙයි

    May 11, 2026

    පොහොර බෙදාහැරීමට පෞද්ගලික අංශය යොදා ගැනීමට රජයෙන් තීරණයක්

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.