Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රොෂාන්ට එරෙහි නඩුව ගැන තීරණයක්
    Featured

    රොෂාන්ට එරෙහි නඩුව ගැන තීරණයක්

    By LFNDecember 1, 2023No Comments4 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා දෙසැම්බර් මස 15 වනදා හෝ ඊට පෙර ගොනුකරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (30) ඒ මහතාට නියෝග කළේය.

    ඒ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කොට ගොනුකර තිබෙන පෙත්සම සම්බන්ධයෙනි.

    මෙම පෙත්සම ඊයේ මොහොමඩ් ලෆාර් තාහීර් සහ ඛේමා ස්වර්ණාධිපති යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී පෙත්සම්කාර නීතිඥවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමට අදාළ නොතීසි වගඋත්තරකරු වෙත යවා තිබෙන බවත් ඒ අනුව පෙත්සම සම්බන්ධයෙන් ඊයේ දින කරුණු තහවුරු කිරීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

    එම ඉල්ලීමට වගඋත්තරකාර රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා දැඩි විරෝධය පළ කළේය.

    මෙම පෙත්සමට අදාළ නොතීසි තම සේවාදායකයා වෙත ලැබී නොමැති බවත් පෙත්සම ඊයේ දින කරුණු තහවුරු කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවත් ජනාධිපති නීතිඥ ඉගලහේවා මහතා පැවසීය.

    මෙහිදී ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්,

    “ස්වාමීනි… මෙම නඩුකරයට අදාළ නොතීසි කුරියර් සේවාව මාර්ගයෙන් වගඋත්තරකරු වෙත යොමු කළා. වගඋත්තරකරු එම ස්ථානයේ නොසිටි නිසා එහි සිටි ආරක්ෂක නිලධාරීන් නොතිසි භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබෙන බව සටහන්වල සඳහන් වෙනවා. මෙය හදිසි නඩු කටයුත්තක්. වගඋත්තරකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී දිගින් දිගටම අධිකරණයට අපහාසාත්මක ප්‍රකාශ සිදු කරනු ලබනවා. පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකළ වගඋත්තරකරු අභියාචනාධිකරණයේ 301 ශාලාවේ අකටයුතුකම් සිදුවන බවට ප්‍රකාශයක් සිදුකළා. එම ප්‍රකාශය ඔහුගේ මුහුණුපොතේ තවමත් ප්‍රචාරය වෙමින් තිබෙනවා. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී මේ ආකාරයෙන් ප්‍රකාශ සිදුකිරීම සඳහා ඉඩදිය නොහැකියි.” යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ ජයසුන්දර මහතා මෙම නඩුව අද දිනයේ කරුණු තහවුරු කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.

    ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්,

    “ස්වාමීනි.. මෙම නඩුකරය මාර්ගයෙන් වැදගත් ප්‍රශ්නයක් විසඳීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීම යටතේ නීතිමය පියවර ගත හැකිද යන ප්‍රශ්නය දැන් අධිකරණයට විසඳීමට සිදුවී තිබෙනවා. වගඋත්තරකරු විසින් සිදුකළ ප්‍රකාශය සුළුවෙන් තකන්න බැහැ. වගඋත්තරකරු පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයේ.. ‘දූෂිතයින්ට පෙනී සිටින නීතිඥයිනුත් දුෂිතයි’ යනුවෙන් සඳහන් කර තිබෙනවා. මේක අධිකරණයට මෙන්ම නීතිඥ වෘත්තියටත් සිදුකරන ලද බලපෑමක්.” එබැවින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මෙම නඩුකරයට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා සඳහන් කළේය.

    පෙත්සම්කාර පාර්ශ්වයේ සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් වගඋත්තරකාර රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා දැඩි විරෝධය පළකර සිටියේය.

    “ස්වාමීනි… මාගේ සේවාදායකයාට නොතීසි ලබාදුන් බව පෙත්සම්කරු ප්‍රකාශ කළත් ඒවා තවම ලැබී නැහැ. ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහි නඩුවේදීත් මෙහෙම තමා කටයුතු කළේ. එම නඩුවේ පෙත්සම්කාර පාර්ශ්වය වගඋත්තරකරුවන්ට නොතිසි ලබාදුන් බව අධිකරණයේ ප්‍රකාශ කළත් එම නොතීසි ලැබී තිබුණේ නැහැ. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මැදිහත්වීමට කරනු ලබන උත්සාහය අනුමත කරන්න බැහැ. මෙම නඩුව සඳහා පෙනී සිටීමට නීතිඥ සංගමයේ විධායක කමිටුවේ අනුමැතියක් තියෙනවාද ? කියා මම දැනගන්න කැමතියි. මාගේ සේවාදායකයාට නොතීසි ලබාදීමට පෙර නීතිඥ සංගමය මැදිහත්වීමට ඉඩදීම සම්බන්ධයෙන් මම විරුද්ධ වෙනවා. නීතිඥ සංගමයට මේ ආකාරයෙන් කටයුතු කිරීමට හැකියාවක් නෑ.” යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා තම සේවාදායකයාට විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.

    මෙම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වගඋත්තරකරු පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී දිගින් දිගටම අධිකරණයට අපහාසාත්මක ප්‍රකාශ සිදුකරමින් සිටින හෙයින් මෙම නඩුව සලකාබැලීම සඳහා කඩිනම් දිනයක් නියම කරන ලෙස ඉල්ලා සිටියේය.

    ඒ අනුව මෙම පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා දෙසැම්බර් මස 15 වනදාට පෙර ගොනුකරන ලෙසත් ඉන් අනතුරුව ජනවාරි මස 03 වනදා පෙත්සම සලකා බැලීම සඳහා කැඳවන බවත් විනිසුරු මඩුල්ල නියෝග කළේය.

    පෙත්සම්කාර පාර්ශ්වය කියා සිටින්නේ ඉකුත් 8 වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකළ එවක ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයාට අපහාසයක් වන ආකාරයෙන් කරුණු ඉදිරිපත් කර ඇති බවය.

    එම ප්‍රකාශය තුළින් හිටපු අමාත්‍යවරයා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාගේ චරිතයට සහ ඔහුගේ වෘත්තීය ජීවිතයට දැඩි අගතියක් මෙන්ම හානියක් සිදුකර ඇති බවත් පෙත්සමේ සඳහන් වෙයි.

    පාර්ලිමේන්තු සම්ප්‍රදාය ප්‍රකාරව උපරිමාධිකරණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයන් සිදුකිරීමට හැකියාවක් නොමැති බවත් පෙත්සමේ සඳහන් වෙයි.

    ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) ව්‍යවස්ථාව ප්‍රකාරව හිටපු අමාත්‍යවරයා විසින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත් පෙත්සමේ සඳහන් ය.

    මෙම කරුණු සම්බන්ධයෙන් වගඋත්තරකාර අමාත්‍යවරයා වෙත අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු විමසා නොතීසි නිකුත් කරන ලෙසත්
    අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව සුදුසු දඬුවම් පමුණුවන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202606 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.