මීට දින 03කට පෙර අතුරුදන්වී සිටි 24 හැවිරිදි තරුණියගේ මළසිරුර ඊයේ (30) සොයාගෙන තිබේ.
වැලිපැන්න පොලීසිය සඳහන් කළේ ඇළ ඉවුරක තිබී තරුණියගේ මළසිරුර හමුවූ බවය.
ඒ, ඇය දියේ ගිලී අතුරුදන්වූ බවට සැක කෙරුණු වැලිපැන්න ඇළේ මීගම තොටුපොළ ප්‍රදේශයේ කිලෝමීටර් 05ක් පමණ ඈතින් පිහිටි ඇළ ඉවුරක තිබී අද පස්වරුවේදීය.
වැලිපැන්න හිජ්රා මාවතේ පදිංචිව සිටි මොහොමඩ් අමීන් ෆාතිමා අස්මියා නමැති 24 හැවිරිදි තරුණියගේ මළසිරුර මෙලෙස හමුවී ඇත.
එම තරුණිය පසුගිය 27 වනදා රාත්‍රියේ සිට අතුරුදන් බවට ඇයගේ පියා පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්ව ඇති බවත් ඇය නිවසේ පිටුපස දොරෙන් පිටව ගොස් තිබූ බවත් වාර්තා විය.
අතුරුදන්වූ තරුණිය පැළඳ සිටි සෙරෙප්පුවක් නිවස ආසන්නයේ පිහිටි වැලිපැන්න ඇළ ඉවුරේ තිබී (29) සොයාගෙන තිබුණි.