Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කලහකාරීව හැසිරුණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් කඩු සමග අත්අඩංගුවට
    Featured

    කලහකාරීව හැසිරුණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් කඩු සමග අත්අඩංගුවට

    By LFNNovember 29, 2023No Comments1 Min Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කලහකාරී ලෙස හැසිරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් පිරිසක් කඩු 4ක් සමග කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පෑලියගොඩ පොලිස් වසමේ කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත එම වැටලීම සිදුකර තිබුණි.

    එහිදී කලහකාරීව හැසිරුණු සැකකරුවන් 8 දෙනෙකු හා සැකකාරියන් 3 දෙනෙකු කඩු 4ක් සමග පොලිස් භාරයට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23ත් 35ත් අතර වයස්වල පසුවන අතර සැකකාරියන් අවුරුදු 26, 46 හා 47 වයස්වල පසුවන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

    පෑලියගොඩ ප්‍රදේශයේ දෙපිරිසක් අතර කාලයක් සිට පවතින ආරවුලක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඉහත පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

    එම පිරිස අතුරින් 7දෙනෙකු පෑලියගොඩ පොලීසිය වෙත වාර්තා වී ඇති අපරාධ කිහිපයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් බවට වාර්තා වේ.

    එම සැකකරුවන් හා සැකකාරියන් මත්ද්‍රව්‍ය ජාවාරම පාදක කරගෙන කලහකාරීව හැසිරෙමින් නිරන්තරයෙන් ගැටුම් ඇති කරගන්නා පිරිසක් බවත්, විදේශ ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත මොවුන් එම ජාවාරමේ නිරතව සිටින බවත් වැඩිදුර විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

    කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,428 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202606 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.