Close Menu
Lanka Focus News
    What's Hot

    තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් – ප්‍රදේශ කිහිපයකට මි.මී 100ට වැඩි වැසි

    September 15, 2026

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    අදත් ප්‍රදේශ කිහිපයකට මී.මී 100 ඉක්මවූ තද වැසි

    September 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ක්‍රීඩා ඇමතිට අධිකරණයෙන් නියෝගයක්
    Featured

    ක්‍රීඩා ඇමතිට අධිකරණයෙන් නියෝගයක්

    By LFNNovember 29, 2023No Comments2 Mins Read164 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පත්කළ කිකට් අත්තර් පාලක මණ්ඩලයට එරෙහිව ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් නව ක්‍රිඩා අමාත්‍යවරයාගේ ස්ථාවරය ඉදිරි දින අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය ඊයේ නියෝග කළේය.

    ඊට අදාළ පෙත්සම හයවන දිනට ඊයේ කැඳවු අවස්ථාවේදී අභියාචනාධිකරණය මෙම නියෝගය ලබාදී ඇත.

    සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද පෙරවරුවේ පෙත්සම යළි කැඳවූ අවස්ථාවේ පෙත්සම්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් අයාතනයේ සභාපති ශම්මි සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීය.

    “ස්වාමිනි මාගේ සේවාදායකයා ගොනුකරන ලද මෙම පෙත්සමේ පළමුවන වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා තවදුරටත් එම ධුරයේ කටයුතු නොකරන බව මම අධිකරණයට දැනුම් දෙන්න කැමතියි. ඒ අනුව නව ක්‍රීඩා අමාත්‍යවරයා වන හරීන් ප්‍රනාන්දු මහතා මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කිරීමට අවසර දෙන ලෙස මම අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”

    එහිදී හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා කියා සිටියේ තම සේවාදායකයාගේ පෙරකලාසිය තවදුරටත් අධිකරණය හමුවේ පවතින බැවින් ඔහු වෙනුවෙන් තමා පෙනී සිටින බවය.

    මෙහිදී නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතා පෙනී සිටි අතර සිය සේවාදායකයා වෙනුවෙන් පෙරකලාසි ගොනු කිරීම සඳහා ඔහු අධිකරණයේ අවසරය ඉල්ලා සිටියේය.

    එමෙන්ම මෙම නඩුව මීළඟ දින කැඳවන තෙක් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් අන්තර් පාලක මණ්ඩලයක් පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව තම සේවාදායකයා කිසිඳු පියවරක් නොගන්නා බව අධිකරණයට දැනුම් දුන් නීතිඥවරයා නඩුකරය සම්බන්ධයෙන් නව ක්‍රීඩා අමාත්‍යවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා දිනයක් ලබාදෙන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින ක්‍රීඩා අමාත්‍යාශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා මීට පෙර අධිකරණය හමුවේ දැරූ ස්ථාවරයේම තවදුරටත් පසුවන බවය.

    අර්ජුන රණතුංග මහතා ප්‍රමුඛ ක්‍රිකට් අන්තර් පාලක මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම නඩුකරය පවත්වාගෙන යාමට නොහැකි බවට තමන් මතුකළ මූලික විරෝධතාව සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සලකා බැලීම දෙසැම්බර් මස 05 වනදා දක්වා කල් තැබීමට නියෝග කළේය.

    නඩුකරය සම්බන්ධයෙන් නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ස්ථාවරය එදින අධිකරණයට දැනුම් දෙන ලෙසද අභියාචනාධිකරණය ඔහුගේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,468 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,626 Views
    Don't Miss

    තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් – ප්‍රදේශ කිහිපයකට මි.මී 100ට වැඩි වැසි

    September 15, 202602 Views

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්…

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    අදත් ප්‍රදේශ කිහිපයකට මී.මී 100 ඉක්මවූ තද වැසි

    September 14, 2026

    නව චීන තානාපතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

    September 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.