Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු

    January 31, 2026

    විදේශ රැකියා පෙන්වා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට

    January 31, 2026

    සමාජ මාධ්‍ය මගින් දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක් සහ ප්‍රතිපත්ති සමාලෝචනයක්

    January 31, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»රූපවාහිනිය ගුවන්විදුලිය සමාගමක් වෙයි
    Political

    රූපවාහිනිය ගුවන්විදුලිය සමාගමක් වෙයි

    By LFNNovember 28, 2023No Comments1 Min Read160 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.

    ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව මේ වසරේ රුපියල් කෝටි 28 ක පමණ පාඩුවක්ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මේ වසරේ රුපියල් කෝටි 46 ක පමණ පාඩුවක්ද ලබා ඇතැයි අමාත්‍යවරයා කීවේය.

    මහ භාණ්ඩාගාරයට මෙම නාලිකා සඳහා මුදල් ප්‍රතිපාදන තවදුරටත් ලබාදීමට අපහසු බව පෙන්වා දුන් ගුණවර්ධන මහතා එම ආයතන සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයිද ප්‍රකාශ කළේය.

    ආණ්ඩුවේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය මධ්‍යවලින් ප්‍රමාණවත් ප්‍රචාරණයක් නොදෙන බව කාරක සභාවේදී අදහස් ඉදිරිපත්ව ඇත.

    පීඩාවට පත්වන මහජනතාවගේ අපහසුතා මාධ්‍යවලින් විකාශ කිරීම මෙන්ම ඒවා සංවර්ධනය කිරීමෙන් පසු ඒ පහසුකම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වැදගත් බවද ඔහු ප්‍රකාශ කළේය.

    ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 23 වැනිදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ පළමු වසරට ඇතුළත්වන සියලු දරුවන්ට අගමැතිගෙන් සුබ පැතුම්

    January 29, 2026

    ගිලිහී යන සාරධර්ම යළි කැඳවාගෙන ඒමට සියලු ක්ෂේත්‍රවල නව පුනරුදයක් අවශ්‍යයි – ජනපති

    January 28, 2026

    හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව යළි සලකා බැලීම අද

    January 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,578 Views
    Don't Miss

    ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු

    January 31, 2026011 Views

    වහාම ක්‍රියාත්මක වනපරිදි ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 8 දෙනෙකු ස්ථාන මාරුකිරීම් සිදුකර තිබේ. ජාතික පොලිස් කොමිෂන්…

    විදේශ රැකියා පෙන්වා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට

    January 31, 2026

    සමාජ මාධ්‍ය මගින් දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක් සහ ප්‍රතිපත්ති සමාලෝචනයක්

    January 31, 2026

    දිට්වා නිසා බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා සහන සැලසීම පිළිබඳ නව චක්‍රලේඛයක්

    January 31, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.