Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්

    June 3, 2026

    ප්‍රදේශ කිහිපයකට හෙටත් තද වැසි

    June 3, 2026

    ඉරාන ප්‍රහාරවලින් කුවේට් ගුවන්තොටුපොළට හානි

    June 3, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»රූපවාහිනිය ගුවන්විදුලිය සමාගමක් වෙයි
    Political

    රූපවාහිනිය ගුවන්විදුලිය සමාගමක් වෙයි

    By LFNNovember 28, 2023No Comments1 Min Read160 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.

    ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව මේ වසරේ රුපියල් කෝටි 28 ක පමණ පාඩුවක්ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මේ වසරේ රුපියල් කෝටි 46 ක පමණ පාඩුවක්ද ලබා ඇතැයි අමාත්‍යවරයා කීවේය.

    මහ භාණ්ඩාගාරයට මෙම නාලිකා සඳහා මුදල් ප්‍රතිපාදන තවදුරටත් ලබාදීමට අපහසු බව පෙන්වා දුන් ගුණවර්ධන මහතා එම ආයතන සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයිද ප්‍රකාශ කළේය.

    ආණ්ඩුවේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය මධ්‍යවලින් ප්‍රමාණවත් ප්‍රචාරණයක් නොදෙන බව කාරක සභාවේදී අදහස් ඉදිරිපත්ව ඇත.

    පීඩාවට පත්වන මහජනතාවගේ අපහසුතා මාධ්‍යවලින් විකාශ කිරීම මෙන්ම ඒවා සංවර්ධනය කිරීමෙන් පසු ඒ පහසුකම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වැදගත් බවද ඔහු ප්‍රකාශ කළේය.

    ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 23 වැනිදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026

    කාන්තා සෞඛ්‍යය ගැන සජිත්ගෙන් ෆේස්බුක් සටහනක්

    May 28, 2026

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරට අධිකරණ නියෝගයක්

    May 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,394 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,602 Views
    Don't Miss

    අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්

    June 3, 202604 Views

    ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කින් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 10 සිට සියයට 12.5 දක්වා…

    ප්‍රදේශ කිහිපයකට හෙටත් තද වැසි

    June 3, 2026

    ඉරාන ප්‍රහාරවලින් කුවේට් ගුවන්තොටුපොළට හානි

    June 3, 2026

    ඉරාන ප්‍රහාරවලින් කුවේට් ගුවන්තොටුපොළට හානි – මෙහෙයුම් නවතී

    June 3, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.